අග්නි 37

1.8K 400 936
                                    

අග්නි නැවතත් ප්‍රියසම්භාෂණ ශාලාව වෙත ගියේ නැත . ඒ වෙනුවට ඔහු නුරුපුර , සිලිලාර ශාලාව වෙත ගියේ ය. ඔහුගේ අසිපත තවමත් සුරතෙහි මෙලවී තිබුණි . ඔහු සිය අසු පිටින් බැස්සේ ය. ඍජුවම අවන්හල තුළට ගිය අග්නි , සිය පසුබියෙහි වූ කහවණු දෙක ආපනශාලා හිමිකරුගේ මේසය මත තරමක හඩින් තැබුවේ ය. හිමිකරු,  අග්නිගේ සාමාන්‍ය වස්ත්‍ර දෙසත් කහවණු දෙසත් වරින් වර බලා , අනතුරු අග්නිගේ රෞද්‍ර බැල්ම හමුවේ නිහඩ විය.

'' කුමක්ද නුඹට අවශ්‍ය ? '' වෙළෙද සලෙහි හිමිකරු විමසුවේ ය.

'' වෛශ්‍යාවන්... '' අග්නි පැකිළීමකින් තොරව පැවසුවේ ය.

'' මෙහි කාන්තාවන් අලෙවි කරන්නේ නැහැ.. '' වෙළෙද සල් හිමිකරු පැවසුවේ ය. අග්නි උපහාසයෙන් සිනාසුණේ ය. අනතුරුව සිය පසුම්බියෙන් තවත් කහවණු දෙකක් රැගෙන දාඩාස් හඩින් තිරිවානා මේසය මත තැබුවේ ය. අනතුරුව ඔහු මුවගින් සිනාසුණි .

'' එය ප්‍රමාණවත් ද ? '' අග්නි විමසුවේ ය.

'' කණගාටුයි ... සියලුම කාන්තාවන් සේවයේ... '' ඔහු පැවසුවේ අග්නි තැබූ රන් ප්‍රතික්ෂේප කරමිනි. අග්නිගේ දෑස්වල බැල්ම රෞද්‍ර විය .

'' ඔබතුමන් ? ඔබතුමන් මෙහි ? ''

අග්නි ඒ හඩ හැදින්නේ ය. ඔහු එය මෙහි කෙලෙසකවත් ඇසීමට බලාපොරොත්තු වූ හඩක් නොවී ය.

'' අශාලා ? '' අග්නි ඒ දෙස හැරුණේ ය. අශාලා නිසැකවම සාදයේ දී දුටු අයුරින්ම සුන්දර විය . ඇයගේ දෙතොල් ආලේපන ද දීප්තිමත් විය .  අශාලා පමණක් නොව ඇයගේ මිතුරියන් දෙදෙනා ද ඇය සමගින් විය. ඇයගේ මිතුරියන් දෙදෙනා තමා අසලට පැමිණිය ද අග්නි ඔවුන් දෙදෙනා ගැන තැකීමක් නොකළේ ය.

'' මල් සොයමින් කැරකෙන මී මැස්සෝ , ඔබතුමන්ගේ විරුද්ධත්වයක් නොමැති නම් , අපි මදක් පිටතට යමු ද ? කුඩා කලින් පසු ඔබතුමන්ව හමුවූයෙත් නැහැ...'' ඇය හඩ බාල කල පැවසුවේ ය. අග්නි කිසිදු විරුද්ධත්වයක් නොදැක් වීය . අශාලාගේ මිතුරියන් දෙදෙනා සිය හස්තයෙහි එල්ලීම ද ඔහු ප්‍රතික්ෂේප නොකළේ ය.

අශාලාගේ මිතුරියන් දෙදෙනා ද තමාගේ සිරුරෙහි එල්ලී පිටතට පැමිණීම අග්නි නොතැකුවේ ය.

♛ අග්නි ♛Where stories live. Discover now