අග්නි 38

1.8K 439 560
                                    

තමාගේ සුරතෙහි අල්ලෙන් දැණුනු සියුම් දැවිල්ලට අග්නි අලසකමින් දෑස් විවර කළේ ය. ඔහු සිය දෑස් සම්පූර්ණයෙන්ම විවර කළේ නැත . ඔහු තාමත් අතිශය අලසකමේ පසුවිය. තමා වැතිර සිටියේ කොහි වුව ද එය අතිශයින් සුවපහසු විය. තමාට නින්ද ගියේ කොයි අවස්ථාවෙහි දැයි අග්නිට නිශ්චිතව පැවසිය නොහැකි විය. දෑසට හසුවු දැවමය සිවිලිම අග්නිට නුපුරුදු විය . තමා කොහිදැයි දැනගැනීමට පවා දෑස් විවර නොකරීමට තරම් අග්නි අලස විය . සිය දෑතින් දැනුණු දැවිල්ල මදක් අඩු කරමින් මදක් සැහැල්ලුවන ලෙස කව්රුන් හෝ සිය හස්තයට මෘදුව පිඹිනු අග්නිට දැනුණි . අග්නි දෑස් මදක් විවිර කළේ ය.

'' ආහ්.. මිධුනාථ.. '' අග්නි තමාටම සිතින් පවසාගත්තේ ය. අග්නි නැවතත් සන්සුන්ව එදෙසට දෑස් යොමු කළේ ය. ඔහු තමා සිටි ස්ථානය හදුනා ගත්තේ ය. එය ලැගුම්හල තුල වූ මිධුනාථගේ කුටිය විය. තමා අවධි වූ වග මිධුනාථ තවමත් නොදුටු වග අග්නිට විශ්වාස විය . මිධුනාථ සයනය අසල බිම , සයනයට පිට දී අසුන් ගෙන සිටියේ ය. තමාගේ සුරත මිධුනාථගේ හස්තයෙහි සිරව තිබෙනු අග්නි දුටුවේ ය. අග්නිට මිධුනාථගේ මුහුණෙහි අර්ධයක් පමණක් දිස් වූ මුත් ඔහුගේ මුහුණ කෝපාන්විත නොවී ය.  ඔහු අග්නිගේ හස්තය මහපටගිල්ලෙන් මෘදුව පිරිමැද්දේ ය. පෙරදින තෝන් ලණුව ඇදීමෙන් කැපී ගොසින් තිබූ අත්ලට මිධුනාථ මෘදුව පිම්බේ ය. අග්නිගේ හස්තය හා සැසදීමේදි මිධුනාථගේ හස්තය අතිශයින් සිනිදු විය . අග්නිගේ දෑතෙහි වූ තෝණ්ලණුවට වූ කැපීම් , දෑතින් අසිපත් සටන් පුහුණු කිරීමෙන් මතු වී තිබූ කරගැට දෑත රළු කර තිබුණේ ය. මිධුනාථ එය පිහාටුවක් සේ සිනිදු යමක් ලෙස ස්පර්ශ කිරීම ද අග්නිට වටහා ගත නොහැකි විය. අවසානයේ මිධුනාථ සිය හස්තය , ඔහුගේ උණුසුම් කම්මුල මත තබාගනු අග්නි බලා සිටියේ ය. 

'' ආව්.. මිධුනාථ සෑම විටම මෙලෙස ද ? ඉස්ගෙඩියා.. ඇතුළතින් එතරම් මෘදු ද ? '' අග්නිගේ මුහුණෙහි සිනහාවක් මතුවිය. ඔහු අවධි වූ වග මිධුනාථ දැනගත්තා නම් නිසැකවම මූණ කෝපයෙන් දම් පැහැ ගන්වාගෙන තමාගේ හස්තය ද ගසා දමා නැගී සිටිනු වග අග්නිට සහතික විය. නමුත් ඔහු තමාගේ හස්තය කම්මුලට තබාගෙන සිටින ආකාරය අනුව ඔහු තමාගේ හස්තය ගලවා ගනීදැයි සාධාරණ සැකයක් අග්නිට විය. අග්නිගේ සිතෙහි කෲර සැලසුමක් පහළ විය.

♛ අග්නි ♛Where stories live. Discover now