අග්නි 44

1.7K 403 380
                                    

අග්නි , ඇසළ අංගනයෙන් පිටතට පැමිණ වෛශව අසපුව වටා තැන් තැන්හි ඇවිද්දේ ය. ඔහු ගල් සියඹලා මොහොතකට ඛාදී දේවිය සමීපයේ තබා ආවේ ය.  ඔහු පාදයට ව්‍යායාම අවශ්‍ය වූ වග අග්නි දැඩිව විශ්වාස කළ අතර මිධුනාථගේ ප්‍රතිකාර සැබවින්ම ඵලදායී දැයි දැනගැනීමට ඔහුට අවැසි විය.

ඔහුට සියුම් වේදනාවක් හැර අන් කිසිවක් නොදැනීම නිසා මිධුනාථගේ ප්‍රතිකාර ඵලදායී යැයි අග්නි තීරණය කළේ ය. ඔහු කිසිදු වෛශව ශිෂ්‍යයෙකුගේ ඇස නොගැටීමට ප්‍රවේසම් විය. හේ මුනි කුල ශිෂ්‍යයන් සිටින ඉසව්වට ද නොගියේ ය. වෛශව මුනි කුලයේ අධ්‍යාපනය ලැබූ රද්කොළ ශිෂ්‍යයන් සිටි ආශ්‍රමය අසළින් ද අග්නි පය ඉක්මන් කර ගමන් කළේ ය. රුද්‍ර මුණ ගැසීම ඔහුගේ අභිප්‍රාය වූ මුත් , සියලුම ශිෂ්‍යයන් ඒ වන විට මිධුනාථ මෙන්ම ප්‍රධාන ශාලාවෙහි විය යුතු විය . අග්නි බලාපොරොත්තු කඩවීමෙන් දෙතොල් උල් කළේ ය.

පෙරදින වර්ෂාවෙන් , ඇද වැටුනු දිය බිදු තවමත් වෘක්ෂයන්හි අතුපතර රැදී තිබුණි . කෙසේ වුවද එක දිගටම ඇවිදීම අග්නිට විඩා සහිත විය . ඔහු වන පෙත අසල වූ ගල් තලාව මතට නැගුණේ ය .එම ගල් තලාව තරමක් උස් ස්ථානයක පිහිටා තිබූ මුත් විශාල වෘක්ෂයන්ගෙන් වටව තිබූ බැවින් මනස්කාන්ත ස්ථානයක් විය . වෛශව අසපුවෙහි ජල උද්‍යානය වූ '' රත්‍රන් මාතස්‍ය '' අංගනයේ හතරෙන් තුනක්ම පාහේ එකී ගල් තලාව මතට චිත්තාකර්ෂණීය ලෙස දිස්වූ වේ ය.

'' අග්නි... '' තමාගේ පිටුපසින් ඇසුණු භීෂගේ හඩ අග්නි හැදින්නේ ය .

'' භීෂ ? '' අග්නි විස්මයෙන් නැගී සිටියේ ය.

'' මිධුනාථ.. ඔහු මෙහි සිටිනවා..... '' භීෂ කෑගැසුවේ ය. තරමක් එපිටින් සිටි මිධුනාථ හා සුග්‍රීව දෙදෙනාම කලබලයෙන් අග්නි දෙසට දිව ආවේ ය. භීෂ හා මිධුනාථ නාමයෙන් ඇමතීමට තරම් සමීප වූයේ කෙදිනක සිට දැයි අග්නි දැන සිටියේ නැත. ඔහු කිසිවක් වටහා ගත නොහැකි සේ මිධුනාථ දෙස බැලුවේ ය.

මිධුනාථ කලබලයෙන් තම සුරතින් දැඩිව අල්ලා ගත්තේ ය. ඔහු කුටියෙන් පිටතට පැමිණියාට බැන නොවැදුණේ ය. ඔහු අග්නිගේ මුහුණ දෙස හෝ නොබැලුවේ ය.

♛ අග්නි ♛Where stories live. Discover now