අග්නි 53

1.6K 393 345
                                    

අග්නි , ඇදිරි වැටීමට ළංව වෛශව අසපුවේ ඇසළ අංගනයෙහි ද්වරයෙන් ඇතුළු විය.

'' අග්නි.. '' මහීධගේ ක්ෂණික සතුටට පත් කටහඩ ඔහුට ඇසුණි .

ඔහු අග්නිගේ පිටුපසට සිය දෑස් යොමු කළ අතර මිධුනාථ අග්නි සමගින් නොවූ වග දැකීමෙන් ඔහුගේ මුහුණෙහි සිනහව ක්ෂනිකයෙන් අතුරුදහන්ව මුහුණ ද මැලවී ගියේ ය. ඔහු වේගයෙන් දුව ආ පියවර ද මදක් මන්දගාමී වූ මුත් ඔහු නොනැවතීම පැමිණ නැවතත් අග්නි වැළද ගත්තේ ය.

'' කම් නොවේ.. ඔබ හෝ පැමිණියානේ... '' මහීධ සෑහීමකට පත් වූ අයුරින් පැවසුවේ අග්නි වෙත තුරුළු වෙමිනි  .මහීධ අග්නිගේ උස මෙන් අඩක් පමණ වූ අතර අග්නි සිනාසී ඔහුගේ හිසට මෘදු පහරක් ද එල්ල කළේ ය.

'' අඥාන අනුරුව.. කොහි ද ඛාදී මෑණියන් ? තනිව නොසිටින ලෙස පවසා තිබෙනවා නොවේ ද ඔබට ? '' අග්නි තරමක් දැඩිව විමසුවේ ය.

'' ඛාදී මෑණියන් මදක් අසනීප වී,. ඇය කුටියේ..විවේකගනිමින් ... '' මහීධ පැවසුවේ අග්නි ටොකුවක් ඇනි සිය හිස අතගාමිනි.

'' අසනීප වී ? '' අග්නි කලබලයෙන් විමසුවේ ය.

'' ආහ් ආහ්.. එතරම් විශාල අසනීපයක් නොවේ.. ඇය සුවෙන්.. '' මහීධ පැවසුවේ තවත් අග්නිව වැළද ගනිමිනි.

'' අඥාන අනුරුව , නුඹ සැබවින්ම මෙලෙස ද ? ම්ම් ? '' අග්නි පැවසුවේ මහීධගේ කනින් මෘදු ලෙස අදිමිනි.

'' අශ්ශීල දාසයා... මගේ කන අතහරිනු.. '' මහීධ ගිගිරුවේ ය. අග්නි සිනාසුණේ ය.

'' අනුරුවක්ම තමා.. '' ඔහු මිමිණුවේ සිනාසී මහීධගේ හිස අතගාමිනි.

ඇසළ අංගනයෙහි ඛාදී දේවියගේ හැර අන් කිසිදු දේවියකගේ කුටි පරිශ්‍රයන් වෙත යාම අග්නිට මෙන්ම අනෙක් සියලුම සේවකයන්ට තහනම් විය. ඇසළ අංගනයෙහි ස්තාලය ආසන්නයේම පිහිටි කුඩා කුටිය ඛාදී දේවියගේ වූ අතර , එය අනෙක් දේවියන්ගේ කුටිවලින් තරමක් වෙන්ව වනය පෙදෙසට වන්ට පිහිටා තිබීම නිසාත් එහි නිතර ගැවසීමට අග්නිට අවසර හිමි විය.

අග්නි අැසළ අංගනයෙහි ඛාදී දේවියගේ කුටිය තිබූ පරිශ්‍රයෙහි වූ ශිලා අසුන මත අසුන්ගෙන මහීධ සිය උකුලට ගත්තේ ය.

♛ අග්නි ♛Where stories live. Discover now