- දෙවන අර්ධය පිවිසුම -

1.8K 360 269
                                    

[ EDITED ]

* කතාවේ පළවෙනි අර්ධය අවසන් උනා.. ඒ කිව්වේ මෙතනින් ඉදන් අපි අදුරන වෙන කෙනෙක්ගේ දැක්මෙන් තමා කතාව ලියවෙන්නේ..

ඔයාලා ඇඩුවා ද ? නැහැනේ.. මම ඇඩුවා..

ඔයාලාට පේනවා වගේ කතාවේ මුල ඉදන් ඉදපු චරිත කිහිපයක් දැන් නැහැ.. එයාලට නිකන්ම සමු දෙන්න මට බැහැ...

* මිගාර
* තාලි
* ඛාදී
* භීෂ

වෙන විදියකින් කියනවා නම් , කපල්ස් දෙකක්ම ශෝකාන්තයකින් අවසන් කරා මම... කෲරයි ද ?

* මිගාර ගැන මට කියවන කෙනෙක් කවියක් එව්වා... මම ඒක MSG Board එකේත් දැම්මා.. ඒත් පස්සේ දවසක නැති උනොත් සහා හොයාගන්න බැරි නිසා මම පොතට අමුණනවා..

By - Gethmini012

නොහැඩුවේ දහවල
බියෙන් දකිතැයි අන් අය...
නමුත් රෑ මැදියම
තවමත් ඔබේ නමටම
උණු කදුළු ගලයි දෑසින....

සැබෑවක් වූවා නම් ඔබ
යැයි සිතුණා විටක...
එසේ වූවා නම් ඔබ
වෙනවද මගේ මළයණ්ඩිය...

හිස්කේ බැද හිස මුදුනට
වැඩිහිටියෙකු විලස
ඔබ සිටින'යුරු දකින්නට
තිබුණා මටත් අහිංසක පැතුමක්....

නොවැගිරුවත් කදුළු ගංගා..
ඇදුම් කයි මා ළය..
තවමත් සහෝදර ප්‍රේමෙන..

දැන සිටිමුත් හැරයන වග
නොසිතුවෙමි කිකලකවත්
වෙතැයි මෙලෙස....

හැකි වුණා නම් එදා
ඒ අතරට පැන
රැකගන්නවා නොවේද ඔබව

තියුණු සැතකින්
පසා කර මා හද
සමුගත්තා නොවෙ ද ඔබ
එසේනම්....
නමුදු තවමත්
නොහැක සමුදෙන්නට
එහෙත් සමුදිය යුතුමයි...
ලෝ නියදම එයයි...

පවසන්න බැරි හෙයින්
ඉදින් ආයුබෝවන් කියා
ඉකියක් නැගේ මට
සමුගන්නම් ඉදින්
පතමින් ඔබ හට
සදා සැනසීම

තවමත්
මහද පතුලේ.
ඔය මුව පොව්වාට
සොයුරු පෙම ඇත මගේ...

* ගොඩක් ස්තූතියි මේකට.. ගොඩක් වටිනවා..

මිගාර කියන නමේ තේරුම , මුව රැලවගේ අහිංසක කම කියන එක..
මිග කියලා කියන්නේ මුවාට... මිගාරගේ පෙනුම ගැන මම තැනින් තැන විස්තර කළාට හරියටම විස්තරයක් දුන්නේ නැහැ...

♛ අග්නි ♛Where stories live. Discover now