අග්නි 57

2.2K 398 498
                                    

අලුයම තුනේ හෝරාව පසුවන තුරුම මිධුනාථ අලසකමින් කාලය කා දැමූ අතර අවසානයේ සිය හැකරැළි සගයා නැවතත් වැලි සහිත පොළොව මත සෙමින් තැබුවේ ය. ඔහු හෙට දින නැවතත් සිය සුපුරුදු ඔබ මොබ සංචාරය ඇරඹීමට සූදානම්ව සිටිය ද සිතට නැගුණු ක්ෂණික අදහසක් හේතුවෙන් ඔහු මේ මොහොතේ නැවතත් ගමන් ඇරඹීමට තීරණය කළේ ය.

මිධුනාථ ඇතැම් තීරණ ගැනීමේ දී ඍජුවූ අතර ගත් තීරණයක් කිසිදු විටක වෙනස් නොකරන අයෙකු විය. ඔහු අලුයම කාලයේ නිදහසේ ඇවිද ගිය අතර අදුර කිසිදු විටෙක ඔහුට බාධාවක් නොවී ය.

ඔහු , උදෑසන වන විට නගර බද පෙදෙසකට සේන්දු විය. ඔහු , ගාවුත කණුවෙහි වූ නගර නාමය කියවීමට දෑස් ගෙන ගිය ද ඊට පෙර නාසය හරහා හමා ගිය දැඩි සුගන්ධයෙන් තමා කොහිදැයි ඔහු නිවැරදිව හදුනාගත්තේ ය.

'' කිලාදාඨ නකර '' මිධුනාථ ගාවුත කණුවෙහි වූ අක්ෂර කියවා හදුනා ගත්තේ ය.

කිලාදාඨ නකරය , කුලීන කාන්තාවන් මෙන්ම රද්කොළ තරුණයන් පමණක් නොව මුනි කුල තරුණයන් අතර දැඩි ප්‍රසිද්ධියක් ඉසිලූයේ ය .

ආනයනික සුවද විලවුන් සේම , දේශීයව නිශ්පාදිත අනර්ඝ තත්වයේ සුවද විලවුන් එහි වෙළෙද වීදීයේ විය. ඕනෑම සුගන්ධයක් ඉන් සොයා ගත හැකි වූ අතර එහි වෙළෙද වීදියේ හෝරාවක් ගත කරන අයෙකු වුව ද පිටතට පැමිණි විට සුගන්ධවත් වන වග අතැමෙකුගේ අදහස විය.

කිලාදාඨ නගරයේ නැවතීම මිධුනාථගේ සැලසුම් අතර නොවූව ද ඔහු ද වෙළෙදසලක් වෙත දෑස් පෙවා බැලී ය. ඔහු සුවද විලවුන් පිළිබද තරමක් ඇල්මක් දැක්වුව ද , ඔහු සුවද විලවුන් මිලදී ගැනීමට පොරකන තරුණයන් අතරට නොගියේ ය. ඔහු ඒ වෙනුවට සුවද විලවුන් මගහැර අනෙක් පසට ගමන් කළේ ය.

ඔහු වෙළෙද සැල් රාශියක වූ සුවද විලවුන් වර්ගවල සුවදින් ඒ මොනවාදැයි අනුමාන කරමින් වීදය ඔස්සේ ගමන් කළේ ය. තරමක සැර සෙව්වන්දී සුගන්ධය ද , සෞම්‍ය කඩුපුල් සුගන්ධය ද , විහාර පිච්ච පුෂ්පයන්හි නැවුම් සුගන්ධය ද , ප්‍රේමනීය ලෙස තරුණයන් සලකන වෙරළු පුෂ්ප සුගන්ධය ද  , ශෲංගාරාත්මක ලෙස හදුන්වන පිච්ච කුසුම්  විලවුන් ද මිධුනාථ සුවදින් පමණක් හැදින්නේ ය. ඔහු සුවද විලවුන් සම්බන්ධව තරමක දැනුමක් සහිත අයෙක් විය.

♛ අග්නි ♛Where stories live. Discover now