අග්නි 58

1.8K 379 207
                                    

මිධුනාථගේ ගමනාන්තය මෙවර , කාල දියපොකුණ විය . සුග්‍රීව ඇතුළු දිවි ගළවාගත් මුනිවරුන් එහි රැදී සිටින වගට නිල නොලත් කටකතා පැතිරෙමින් තිබූ අතර එය ද සත්‍යයක් දැයි බැලීමට මිධුනාථ ඉටා ගත්තේ ය . එය සත්‍යයක් නම් කටකතාව තීර්ථ මාළිගය වෙත පියඹා යාමට පෙර ඔවුන් සියලු දෙනා එම ස්ථානයෙන් ඉවත් කළ යුතුව තිබුණි .

මිධුනාථ කළුදියපොකුණ ආශ්‍රමය වෙත සේන්දු වුව ද ඔහු අනුමාන කළ පරිදිම ආශ්‍රමය දැඩි පාළු ස්වභාවයක් ඉසිලුවේ ය. ඔවුන් එහි නොමැති වග වටහා ගත් මිධුනාථ නැවතත් පිටව යාමට සැරසුණේ ය. සත්වසරක් මුළුල්ලේ ඔහුට සුග්‍රීව හෝ දිවි ගලවාගත් කණ්ඩායමේ කිසිවෙකු හමු නොවීම මිධුනාථට පැටළිලි සහගත විය. දිවි ගලවා ගත් කුඩා මුනි ශිෂ්‍යයන් ද දැන් යොවුන් වියේ තරුණයන්ව ඇති වග මිධුනාථ අනුමාන කළේ ය.

ඔහුට නැවතත් මහීධ සිහිපත් විය. සිය හස්තය නොදැනීම මිට මෙලවනු ඔහුට දැනුණි . ඔහු කෝපාන්විතව අනෙක් පස හැරුනේ කාල දිය පොකුණ අසපුවෙන් පිටව යාම සදහායි . නමුත් ඔහු බලාපොරොත්තු නොවූ පරිදි පියවර කිහිපයක් පිටුපසට විසිව ගියේ ය . ඔහු ඉක්මනින් තමා වටා චක්‍රාධාරක වළල්ලක් ගොඩ නගාගත් අතර ඔහුගේ සිරුර ද දැහැන් ගත කරමින් ප්‍රහාරයකට සූදානම් විය. මිධුනාථට කිසිදු දිනෙක සිය අසිපත අවැසි නොවූ අතර ඔහුගේ විශ්ව ශක්තය හා චක්‍ර බලයන් සතුරෙකු පමණක් නොව ඔහුගේ මනෝකාය පවා විනාශ කර දැමීමට තරම් ප්‍රබල විය.

ඔහු දෑස් එදෙසට යොමු කළේ ය. තමා මෙන්ම අහසෙහි පලගක් බැද සිටි මුනිවරුන් දෙදෙනා දෙස ඔහු විමර්ශනශීලි බැල්මක් හෙළුවේ ය. ඔහු වෛශව අසපුවෙහි අසුන්ගත මුද්‍රාව හැදින්නේ ය. අනතුරව ඔහු සිය චක්‍රාධාරක වළල්ල ද ඉවත් කරමින් පොළෙව මත දෙපා පතිත කළේ ය. එක් මුනිවරයෙකු ද ඔහුව අනුගමනය කරමින් බිමට බැස්ස ද අනෙක් මුනිවරයා තවමත් සැකසහිත බැල්මකින් ඔහු දෙස බලා සිටියේ ය.

'' ථිත... ඔහු මිධුනාථ...පහර දීමට කිසිවක් නොවේ... '' සුග්‍රීව සන්සුන් ලෙස පැවසුවේ ය.  ථිත ද සැහැල්ලු ලෙස සිය දෙපා පොළොව මත පතිත කළේ ය . මිධුනාථ සුග්‍රීව වෙත බැල්මක් හෙළුවේ ය. ඔහුගේ කාරුණික දෑස් තරමක් විඩාබර සෙයක් දිස් වුව ද ඔහුගේ මිධුනාථ සේම පැහැපත් සම එලෙසම විය. ඔහුද සිය කෙස් වැටිය උරමතට හෙළා තිබූ අතර , තරමක් දිගු හා පැටලීම් නොමැති ඍජු කෙස් වැටියක් හිමි සුග්‍රීවගේ නළලෙහි තරමක් මහතින් යුතු පටියක් ද ජටාවක් සේ බැද තිබුණේ ය. ඔහු ලිහිල් කොණ්ඩය සහිතව අතිශයින් කඩවසම් වූ අතර , සෞම්‍ය පෙනුම ද මදකුදු අඩු නොවී ය. ඔහු සම්පූර්ණයෙන්ම පාහේ ධවල කපු වස්ත්‍රවලින් සැරසී සිටි අතර ථිත නිල් පැහැ දීප්තිමත් වස්ත්‍රවලින් සැරසී සිටියේ ය.

♛ අග්නි ♛Where stories live. Discover now