අග්නි 60

1.8K 384 512
                                    

'' ඒ මිද්දෝ-ඕ...... මිධුනාථ.........''

වෑකන්ද අසල ගල් තලාව මත මහීධ වෙත ශිල්ප පුහුණු කරමින් සිටි මිධුනාථ ඉහළ ගල් තලාව දෙස නෙත් යොමු කළේ ය. සුලෝධජ තමාට හස්තය වනනු මිධුනාථ දුටුව ද ඔහු රවා අනෙක් පස බලාගත්තේ මහීධට ද බැන වදිමිනි.

'' මෙදෙස බලන්නේ නැති ද ????? මිධුනාථ........ ඒයි.. මිද්දෝ.. '' සුලෝධජ දිගින් දිගටම බාධා කළේ ය. ඔහු නැවතත් දවා අළු වන සුළු බැල්මක් හෙළුවේ ය .

'' මිධුනාථ මේ........ '' ඔහු නැවතත් කෑගැසුවේ ය.

'' අඥාන අශ්ශීල දාසයා.. තමුන් පිටව යනවාකො මෙතනින්.. '' එවර මහීධ නොරිස්සීමෙන් කෙදිරුවේ ය.

'' තමුන් කුමක් ද එදෙස බලමින් සිදු කරන්නේ ? අශ්ශීලයා... කුමක් ද ඒ සිදු කළේ ???? '' මහීධ මොහොතකින් පැවසුවේ ය. වෑකන්ද දෙසින් ඇසුණු කාන්තාවන්ගේ සිනහා නාදය ද එවර මිධුනාථගේ දෙසවන් හරහා ගියේ ය. එවර මිධුනාථ ද හිස හරවා බැලී ය. රුද්‍ර ද සුලෝධජ හා ඉහළ ගල් තලාව මත අසුන් ගෙන සිටිනු මිධුනාථ දුටුවේ ය .

සැරසිලි පිණිස නෙළුම් නෙළීම සදහා , වෑකන්ද වෙත පැමිණ තිබූ වෛශව අසපුවේ සේවිකාවන් වෙත සුලෝධජ උසුළු විසිළු කරනු මිධුනාථ දෑසගින් බලා සිටියේ ය. තමාට ඔවුන්ව නොපෙනුණු ද සුලෝධජ හා රුද්‍ර සිටි ඉහළ ගල් තලාව වෙත නිසැකවම ඔවුන් හොදින් පෙනෙන්ට ඇති වග මිධුනාථ අනුමාන කළේ ය.

'' අය්යණ්ඩි.. අර.. දුටුවා ද ඔහු සිදු කළ දේ... එහි අරුත කුමක් ද ? කිම ද එලෙස......... ''

'' නිහඩවනවා..'' මිධුනාථ මහීධ වෙත ගිගිරුවේ ය. ඔහු නැවතත් නොරිස්සීමෙන් මහීධට ශිල්ප පුහුණු කරන ලෙස පැවසුවේ ය.

'' නතා.... ස් ස්... නතා.. සොදුරිය.... ස් ස්... මෙහේ.... මෙදෙස සොදුරිය........... '' එවර අග්නි සේවිකාවන් වෙත දෑත් වනමින් පැවසී ය .

'' නිල්වාලි...... සාදා.... මන්දාරා......... දිශාලා..... '' ඔහු දන්නා සියලුම සේවිකාවන්ගේ නාමයන් පවසමින් කෑගැසුවේ ය.

'' වූ....හූ..... ගිනි ගෙන දැවෙන දෑසින් ඈ රවා මා දෙස බැලුවා.... ' සුලෝධජ ආරම්භ කළේ ය.

♛ අග්නි ♛Where stories live. Discover now