🔥 MALL 🔥

1.9K 241 424
                                    


You see a smile on the outside,
But that's all you can see

You hear a laugh on the outside,
But that's all you can hear

You smell the scent I wear every day on the outside,
But that's all you can smell

You feel soft, smooth skin on the outside,
But that's all you feel

You can tell I'm happy on the outside,
But what if you can't tell I'm dying on the inside?

I'm trying my best to survive in this world

⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡

(Soo Yun pov)

Café එකේ night shift එක ඉවර උනාට පස්සේ අන්තිමටම café එකේ දොර ගාවට ගියේ ඔක්කොම check කරලා, මොකද සාමාන්‍යයෙන් මම ගොඩක් දුරට café එකෙන් අන්තිමට යන්නේ මගේ ගෙවල් තියෙන්නෙ ගොඩක් ලඟ නිසා... ඒ කියන්නේ පයින් ඇවිද ගෙන යන දුර... ගෙදර තියෙන්නේ alleys තුනක් පහු කරන් ගියාම හම්බවෙන Lane එකේ

අන්තිමට තිබ්බ light එකත් off කරලා, දොර වහලා shop එක seel කරලා හොඳ හුස්මක් කටින් පිට කරා

Yun: අද දවසේ වැඩත් ඉවරයි..... දැන් තියෙන්නේ ගෙදර යන්න (Sigh)

ගෙදර යන්න ඕන කියලා මතක් උනාම මට මතක් උනේ එක දෙයයි, ඒ........ Jung mun hoo

Jung mun hoo කියන්නේ මගේ භාරකාරයා...... එයා තමයි මට මේ වෙනකන් ජීවත් වෙන්න වහලක් දුන්නෙ, ඒ වගේම මගේ ජීවිතේ අපායක් කරේ
තාමත් මන් කල්පනා කරන්නේ මගේ අම්මයි තාත්තයි කොහෙද කියලා..... Mun hoo නම් කියන්නේ මට කවුරුත් නෑ කියලා, එයා හැමදාම කියන්නේ එකම දෙයයි.... ඒ, එයා දවසක් වැඩ ඇරිලා ගෙදර එද්දි පාර මැද car දෙකක් එකට හැප්පිලා තියනවා දැකලා එතැනට දුවගෙන යද්දී හැමෝම නැති වෙලා කියලා, පොලීසියට Call කරලා යන්න හදද්දි ලමයෙක් කෑ ගහනවා ඇහෙනකොට නැවතිලා බලද්දි මාව seat එක අස්සේ ඉන්නවා දැකලා අරන් ඇවිත් හදාගත්තා කියලා තමයි එයා මට කියන්නේ. ඒත් මට මගේ හදවත විතරක් නෙවෙයි මට මගේ මොලේ ඉඳන් හැම දෙයක්ම කියන්නේ එයාලා ඉන්නවා කියලා මොකද Mun hoo ගෙ වචන පොඩි කාලේ විශ්වාස කරලා හිත හදන් හිටියත් එන්න එන්න ඒ වචන ඇතුලේ මොකක් හරි මට හංගපු.... දැනටත් හංගන දෙයක් තියනවා කියලා මට දැනෙන්න අරන් තියන නිසා

හැමදාම මම café එකේ වැඩට එන්නේ පුදුම සතුටින්, කැමැත්තෙන්.... මොකද මාව තේරුම් ගන්න පුළුවන් එකම කෙනා වගේම මට තමන්ගෙම සහෝදරියක් වගේ සලකලා පවුලක හැගීම දෙන්න ඉන්න එකම කෙනාත් වැඩට එන්නේ ඒ café එකටමයි..... Lees අක්කා

CEO'S DAUGHTER Where stories live. Discover now