🔥 CONFUSION 🔥

718 127 165
                                    

කොරියාවේ සියෝල් නගරය කිව්වම හැමෝම දන්නෙ ලෝකෙ විශාලතම ගොඩනැගිලි වලින් පිරුනු, ලෝකෙම ධනය රැස් කරගත්ත, අධි දියුණු, ලස්සන ගස් වැල් වලින් වටවුනු ස්වභාවධර්මයේ ආශිර්වාදය ලැබුණු සුන්දර පැත්තක් කියලා. ඒත් ඒ හැම සුන්දරකමකම අදුරු පැත්තක් තියෙනව කියලා අමතක වුණාද?

ඔව්, සියෝල් නගරය කෙලවරකට වෙන්න අදුරටම අයිති වුනු පැත්තක් තිබුනා. ඒ පැත්තට සාමාන්‍යය අහිංසක මනුස්සයෙක් ට යන්න තියා හුස්මවත් ගන්න තරම් කොහෙත්ම හොද පැත්තක් වුනේ නෑ.

සියෝල් වල කෙලවරටම වෙන්න තියෙන ගුර්යෝන් ගම්මානය දකුණු කොරියාවේ පුද්ගලික ඉඩමක පිහිටි නීතිවිරෝධී කඳවුරක් වගේම මේ ගුර්යෝන් මුඩුක්කුව ආසියාවේ සිව්වන විශාලතම ආර්ථිකය වන දකුණු කොරියාවේ ධනවතුන් සහ දුප්පතුන් අතර පරතරයේ සංකේතයක් ලෙස බොහෝ කලක ඉදන් සැලකෙනවා.

හැමෝම ගුර්යෝන් මුඩුක්කුවක් කියලා සැලකුවත් රෑට රෑට මේ තුල වෙන කිසිම දෙයක් ගැන කවුරුත් දැනුවත් වුනේ නැත්තෙත් ගුර්යෝන් වල තිබ්බ මේ පිහිටීම නිසයි. විශේෂයෙන්ම ගුර්යෝන් හි වෙන අපරාධ මිනිස්සුන්ගෙ එදිනෙදා ඇගේ හිරිගඩු යවන ඒ ප්‍රවෘත්ති වල කියන මහා පරිමාණ අපරාධ වුනා. කොටින්ම කිව්වොත් සුදු කරපටි අපරාධ, මූල්‍ය අපරාධ, දේශපාලන අපරාධ, යුද අපරාධ, රාජ්‍ය අපරාධ වගේ දේශද්‍රෝහී වෙන්න පුලුවන් සියලූමාකරයේ අපරාධ වුනේ මේ ගුර්යෝන් වල.

ඉතින් මෙච්චර අපරාධ ගොන්නක් වන මේ පැත්තට සාමාන්‍යය මිනිසුන් යන එකම පවා විහිළුවක් වුණෙත් මේ නිසාමයි. මොකද කිව්වොත් මෙහෙ ජීවත් වෙන්නෙත් ගුර්යෝන් වගේම අදුරටම අයිති පිරිසක්. ඩ්‍රග් ඩීලර්ස්, ගැන්ග්ස්ටර්ස් වගේ අපරාධ අංශයට අයත් හැමෝගෙම වගේ නිල වාසස්ථානය වුනේ මේකයි.

මෙච්චර අපරාධ එක තැනක වෙද්දි ඒක අල්ලලා දෙන්න කවුරුත් නැද්ද කියන ප්‍රශ්නෙ කාටත් එන්න පුලුවන්. ඒත් මෙච්චර කාලෙකට එහෙම නොවුනෙ එක හේතුවක් නිසා, ඒ ජියෝන් ෆැමිලි එක, කිම් ෆැමිලි එක, පාර්ක් ෆැමිලි එක, මින්ග් ෆැමිලි එක වගේ කොරියාවේ ඉදන් ලෝක වටේටම නම තියපු ෆැමිලීස් අතින් මේක දිව්වා වගේම මෙතනට ආරක්ෂාව රජයෙන්ම ලැබෙද්දි ඒ ගැන තව මොන කතා ද?

CEO'S DAUGHTER On viuen les histories. Descobreix ara