🔥 JIMIN 🔥

1.1K 220 398
                                    

(Jimin pov)

උදෙන්ම නැගිටලා ලෑස්ති වෙලා පහළට ආවේ තාත්තට Bin uncle (Soo Woo-Bin කියන්නේ Yun ගෙ තාත්තා) ලාගේ ගෙදරට එන්න කියපු නිසා, කෑමත් නොකා කෙලින්ම එහෙ ගියේ එහෙන්ම කාලා office එකට යන්න

----Few minutes later----

Car එක Park කරලා ඉවර වෙලා මන් ගෙදර ඇතුලට යනකොටත් තාත්තලා ලෑස්ති වෙලා

තාත්තා: Ah Chim ආවද?

Jimin: It's Jimin (While glaring)

Bin මාමා: අනේ පලයන් බන් යන්න

Jimin: මාමේ-

තාත්තා: හා හා යමන්, මේක ඉවරයක් කරලා දාමු

මාමා මගේ කරට අත දාගෙන එළියට එක්කන් ගියා.

අද තමයි නංගී ලා දෙන්නගෙ court case එක handle කරන්න තියෙන්නේ. මේකට Taehyung ට කියලා ලේසියෙන්ම කරගන්න තිබ්බා එතනට යන්නේ නැතුවම, ඒත් මාමා කිව්වේ එයාට මේක නීතියට අනුව අවංකව කරන්න ඕනේ කියලා.. මොකද Taehyung මේ වැඩේ බාර ගෙන කරොත් එතන ඉන්න හැමෝම බය කරලා බලෙන් කරගන්න නිසා...

----Hours later-----

Court එකෙන් එලියට ආවේ Soo Yun කියන්නේ Soo පවුලේ හරිම දරුවා කියලා DNA වලින් ඔප්පු කරගෙන වගේම Min Lees ව තමන්ගෙම දුව විඳියට නීතියට අනුව නීත්‍යනුකූලව ම Soo පවුලේ වැඩිමලා කරගෙන වගේම companies ව heir Soo Lees කරගෙන

Car එකට එන ගමන් මන් දැක්කේ තාත්තලා දෙන්නා ජීවිතේ ප්‍රථම වතාවට හිනා උනා වගේ ඒ කොළ දිහා බල බල..... ඒ කියන්නේ ආයෙත් අපිට මේ දෙන්නගෙ වගේම JK ගෙ අම්මයි තාත්තත් හිනා වෙනවා බලන්න පුළුවන්, මොකද ඒ දෙන්නා ඉස්කොලේ යන කාලේ ඉඳන් හොඳම යාළුවෝ. මේ පවුල් තුන පොඩිම කාලේ ඉඳන් කවදාවත් වෙන් වෙන්නේ නැතුව ජීවත් උනේ, ඒත් Yun නංගී නැති උනාමත් එක්කම මෙයාලා ගොඩක් දුරස් උනා... ඒත් මන් JK ගෙ ගෙදර යද්දි දවසක් මාමා ගෙ room එකට ගියාම දැක්කේ අපේ හැමෝගෙම පින්තුර office room එකේ වටේම එල්ලලා තියනවා. එදා මන් මාමාගෙ room එකට ගියේ නැන්දා එක්කන් ගිහින් මට පෙන්නපු නිසා... නැත්තන් ඒ room එකට කාටවත් යන්න අවසර දීලා නෑ නැන්දාට ඇරෙන්න. කොහොම හරි එදා තමයි මන් දැනගත්තේ මාමා Mafia gangs වලට Yun ව හොයන්න බාර දීලා කියලා අපිටත් හොරෙන්, සාමාන්‍යයෙන් mafia එකට දෙයක් හොයන්න අඩුම තරමින් යන්නේ දවසක් විතරයි... ඒත් Yun නංගීව හංගන් ඉන්නවා කියලා දැනගත්තේ අවුරුදු 20 ක් ගියාට පස්සේ ඒකට හේතුව අර Jung mun hoo කියන එකා Kangs ලට වැඩ කරන්නේ.. අපේ ලොකුම හතුරොන්ට.... උන් නංගී Soo ලාගේ වගේම අපේ නංගී කියලා දැනගෙන මොකද එදා accident එක වෙලාවේ Mun hoo ඒ හරියේ ඉඳලා තියෙන්නේ, උදවු කරන්න ගියත් මාමා ගෙ ID එක දැකලා ඌ කෙලින්ම Kang ලාගේ boss ඒ කියන්නේ Kang Daniel ට call එකක් අරන්. Soo ලා accident උන ගමන් එයාලා ගෙ තුවාල නිසා ජීවත් වෙන්නේ නැති වෙයි කියලා හිතලා ලමයාව උස්සන් ඇවිල්ලා තියෙන්නේ අම්මලා ජීවත් උනත් නැත්තේත් companies ඔක්කොගෙම ඊළඟ පුරුක Soo Yun නිසා... මේ ඔක්කොම දැනගත්තේ Tae අරූට මැරෙන කන් ම ගහලා කටින් ගත්තු නිසයි, කොහොමත් දැනටමත් ඌ අඩි හයක් යට.... මොකද Kim ට අහු උනා කියන්නේ ජීවිතේ නැති උනා වගේ තමයි

CEO'S DAUGHTER Where stories live. Discover now