🔥 NOTHING BETWEEN US 🔥

701 132 170
                                    

සෝ යුන්

ඇගට ආපු අලුත් පණක් නිසා ඉබේම ඇස් ඇරපු මම හෙමීට ඉර එලියට මගේ ඇස් හුරු කරගන්න ගමන් හිරි ඇරියේ ඇඟ පුරාම අමුතුම හිරියක් යද්දී.

ඒත් එක්කම එකපාරටම මගේ හිතේ තිබ්බ මත් ගතිය ගියේ මට ටිකකට කලින් වෙච්ච දේවල් එකදිගට ඔලුවට මතක් වෙන්න ගද්දි.

හිතට එන්න ගත්ත ඒ අප්‍රසන්න හැගීම් නිසා මන් මගේ කොන්ඩෙත් අදින්න ගත්තෙ ඒ මතකයන් මගේ ඔලුවෙන් යවාගන්න උනත් එන්න එන්නම ඒ මිනිහා කරපු දේවල් එකදිගට මගේ ඔලුවට ගලාගෙන එන්න ගත්තම මම හැයියෙන් කෑ ගැහුවෙ මට වටපිටාව අදුරගන්න බැරි වෙනකොට.

එතකොටම දොරක් ඇරෙනු සද්දයක් නිසා මන් ටක් ගාලා ගැස්සිලා ගියත් එක්කම දොර ඇරගෙන ඇතුලට ආපු කෙනා දැකලා මට ඉන්න තැන අමතක වෙද්දී.

හිත මේක හීනයක් කියලා කිව්වත් මගේ යටි හිතේ කොනක මේක ඇත්තක් කියන පුංචිම පුංචි බලපොරොත්තුවක් තිබ්බා.

"යුන්?!" ඒ කටහඬ ඇහුනමත් එක්කම ගැස්සිලා ගියපු මන් තවත් හයියෙන් අඩන්න ගත්තෙ පිස්සෙක් වගේ ඔලුව වනන ගමන්.

"න්-නෑ..තවත් මාත් එක්ක සෙල්ලම් කරන්න එපා! මට හීන දැකලා එපා වෙලා!"

ඇදේ වාඩි වෙලා හිටපු මන් එකපාරටම ඇදෙන් බැහැලා දුවන්න හහදනකොටම එතනම මාව ඇදගෙන වැටුනෙ ඇගේ මේ වෙද්දි මට කිසිම පණක් කියලා දෙයක් ඉතුරු වෙලා තිබ්බ නැති නිසා වුනත් බිම වැටුනම දැනෙන්න ඕන ඒ වේදනාව නොදැනෙද්දි මන් බයට වැහිලා තිබ්බ ඇස් දෙක ඇරලා බැලුවම දැක්කෙ,
මාව හැමදාමත් මෙහෙම අල්ලන් ඉන්න කියලා මන් ප්‍රාර්ථනා කරපු, ජීවිත කාලෙම ඒ ඇස් දෙක දිහා බලන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරපු කෙනා දැන් මගේ ඉස්සරහ ඉන්නවා.

හිත මෙච්චර මාව රවට්ටන්නෙ ඇයි කියලා මටම බැනගත්ත මම මගේ ඇඟ හොලවන්න බැලුවත් තවත් මාව ඒ බලාපොරොත්තු වුනු, හීන දකින ඒ උනුහුමට ලන් වෙනවා කියලා දැනුනම මට තවත් ඇඩෙන්න ගත්තා.

"Honey" මන් තදින් ඇස් පියා ගත්තෙ මේ හීනෙන් නැගිටින්න ඕන නැති නිසයි. මොකද මේ වගේ හීනයක් දකින හැම දවසකම මම හිනා වෙලා ඇස් දෙක ඇරියත් මට ලැබුනෙ තනිකමම විතරක් නිසා.

CEO'S DAUGHTER Where stories live. Discover now