🔥 SHOPPING 🔥

1.2K 214 1K
                                    

(Yun pov)

Taehyung අයියා ගියපු ගමන් මන් අක්කා ලඟට දුවගෙන ගිහින් එයාව බදා ගත්තා

Yun: අක්කේ ඔයා හොඳින්ද?

Gee: ඒයි, මොකද්ද ඒ උනේ? Tae ඔයාට මොනාහරි කිව්වද?

අක්කා නෑ කියලා ඔලුව වනලා බිම බලාගත්තා

JK: මන් Taehyung ව බලන්න යන්නම්, Gee ඔයා මෙතනම ඉන්න

Gee ඔලුව වනලා අපි ලඟට එද්දි Jungkook අයියා මගේ අක්කා දිහා ටිකක් බලන් ඉඳලා මන් දිහා බලාගෙනම එළියට ගියා

Gee: ඒයි කෙල්ලේ, බය වෙන්නේ නැතුව මට කියන්න මොකද්ද උනේ කියලා... මොකද Taehyung කියන්නේ කෙල්ලො ගැන දන්නේ නැති කෙනෙක්, එයා මාවයි අපේ Mira, සෙනෙට් ඇරෙන්න වෙන කිසිම කෙල්ලෙක් එක්ක කතා කරලා නෑ... ඉතින් එයා දන්නේ නෑ කොහොමද කෙල්ලෙක් එක්ක කතා කරන්න ඕන කියලා.. ඔයාම දකින්න ඇති නේ කලින් එයා මෙතනට ආපු වෙලාවේ හැසිරුණු විඳිය

(Lees pov)

මන් ඔලුව වනලා එයාලට වුන දේ කියන්න ගත්තා

FLASHBACK

මම phone එකේ ඉන්නකොට එළියේ office එකෙන් දොරට තට්ටු කරන සද්දයක් ආවා

එතකොටම Taehyung කතා කරාම මන් ගැස්සුනේ එයාගෙ ගොරෝසු කටහඬ මගේ කන ලඟින් ඇහුන නිසා

Taehyung: Come in

ටිකකින් මේ cabin එකේ දොර ලඟින් කටහඬක් ඇහුනා

??: Sir, may I come in?

Taehyung: Yeah

එතකොට දොර ඇරගෙන ඇතුලට ආවේ කෙල්ලො දෙන්නෙක්, දෙන්නම ඇවිත් අමුතු හිනාවක් දාලා Taehyung දිහා බලන් හිටියත් එයා ඒක දැක්කෙ නෑ මොකද එයා Phone එකේ හිටපු නිසා

Taehyung: Jeon වැඩකට එළියට ගියා, anything to say?

??: ah, Mr. K-kim
Sir ට පුළුවන් වෙයිද මේ documents වලට sign කරලා දෙන්න

Taehyung: Sure

එතකොටම Taehyung කරපු දෙයින් මගේ ඇස් දෙක ලොකු උනා,
එයා එයාගෙ phone එක මගේ අත උඩින් තියලා

Taehyung: තියාගන්න

මන් ඉක්මනට ඔලුව වනලා එයාගෙ අතින් phone එක ගනිද්දි එයාගෙයි මගෙයි අත් දෙක එකට ගෑවුණාම මගේ ඇග පුරාම අමුතු feeling එකක් ගියත් මන් ටක් ගාලා එයාගෙ අතින් phone එක අරගෙන අහක බලා ගත්තා

CEO'S DAUGHTER Where stories live. Discover now