🔥 FOUND 🔥

1.1K 224 273
                                    

Call it fate, call it luck, call it karma, I believe in everything happens for a reason.

Replacing "Why is this happening to me" with "What is this trying to teach me" is a game changer

⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡

(Lees pov)

ඔක්කොම හෙමින් සිද්ද වෙනවා වගේ දැනුනේ.......මගේ ඇස් ඉස්සරහ ඔක්කොම හෙමින් සිද්ද උනා, එතකන් මන් බලන් හිටියා, ඒ දේවල් මන් ඉස්සරහ වෙන්න දීලා මන් බලන් හිටියා, කිසිම දෙයක් කරගන්න බැරි කෙනෙක් වගේ මන් බලන් හිටියා.

Everything happens slowly without knowing you

Yun නංගී ගැහි ගැහී Call එක දෙද්දී මාව වෙව්ලන්න ගත්තෙ අර බල්ලා මොකක් හරි කරයි කියලා මට බයක් දැනුන නිසා මොකද මම නංගී එක්ක නෑ... එතකොටම මම මාමාට Call එකක් අරන් ඔක්කොම කිව්වට පස්සෙ එයා පොලිසියට කියලා officers ලා වගයක් එක්ක ඉක්මනට ආවේ Police station එක තියෙන්නේ මගේ apartment එකට පිටිපස්සේ නිසා...

ඉක්මනට Phone එකත් අරන් දුවගෙන එද්දි Yun නංගී තනියම අර බීපු මිනිහා එක්ක ඉන්නවා කියලා මතක් වෙන වරායක් ගානේ මම මගේ කකුල් දෙකේ වේගෙ එන්න එන්න වැඩි කරන්න ගත්තා... apartment එක pass කරන් ටික දුරක් ඉස්සරහට එද්දි හම්බවෙන තුන් මන් හන්දිය ලඟින් පාර මාරු වෙන්න යද්දී හුරු ඇස් දෙකක් මට ඉස්සරහින් එනවා දැනුනා.... බලද්දි ඒ Yun නංගී Phone එක කනට තද කරන් වේගෙන් මගේ පැත්තට දුවගෙන එනවා. ඉක්මනට මම මාමාගෙ පැත්තට හැරිලා පෙන්නුවේ Yun නංගී එනවා කියලා.

නංගී එනවත් එක්කම මන් දැක්කේ අර මනුස්සයා එයාගෙ පිටිපස්සෙන් කෑ ගහගෙන එනවා.... ඒත් එක්කම මගේ ඇස් දෙක ගියේ ඒ මිනිහාගේ අතේ තියන පිහියට, තාම Yun එක්ක Call එකේ හිටපු නිසා මන් ඉක්මනට එයාට කතා කරා

Lees📞: පිටිපස්ස බලන්න එපා Yun ඔයා දැන් safe..... පොලිස් guard එක තියනවා ඔයා වටේ... සිහියෙන් ඉස්සරහට ඇවිදගෙන එන්න Lees අක්කා ඉන්නවා ඔයා එක්ක.... I'll hold you Yun.... Don't turn your head back..... Just come to me

කදුළු එන ඇස් දෙකෙන් මන් Yun දිහා බලලා හිනා වෙලා අත් දෙක දිග ඇරියේ මන් ලඟට එන්න කියලා.... බය පිරුණු ඇස් දෙකක් තිබ්බ එයා මාව දැක්ක ගමන් එයාගෙ ඇස් වලට බලාපොරොත්තුවෙන් පිරිලා යන්න තප්පරයක් ගියේ නෑ, අඩන ගමන් මන් ලඟට දුවගෙන ආපු එයා තව ඉස්සරහට එන්න කලින් එකපාරටම නැවතුනේ මගේ ඇස් වලින් එයාගෙ ඇස් අයින් කරගන්න ගමන්.........

CEO'S DAUGHTER Where stories live. Discover now