🔥 SECRET REVEALED 🔥

1.3K 181 657
                                    

(Lees pov)

පාර මැද්දේ වේගෙන් රේස් කරන කාර් එක අස්සට වෙලා මන් හිටියේ කිසිම දෙයක් කරගන්න බැරුව. මොකද මම තාමත් දන්නේ නෑ මන් මේ කොහෙද යන්නේ කියලා. ඒ මදිවට කොහෙද යන්නේ කියලා අහන්නෙ නැත්තේ මට ඉල්ලන් කන්න ඕනේ නැති නිසා.

ටික වෙලාවක් ජනේලෙන් එළිය බලාගෙන හිටපු මාව ගැස්සිලා ගියේ කාර් එක වේගෙන් ලොකු mansion එකකට හරවපු නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටික වෙලාවක් ජනේලෙන් එළිය බලාගෙන හිටපු මාව ගැස්සිලා ගියේ කාර් එක වේගෙන් ලොකු mansion එකකට හරවපු නිසා. Mansion එකට හරවපු ගමන් දෙපැත්තේ හිටපු guards ලා ඇවිත් අපේ දොරවල් ඇරලා bow කරා. කාර් එකෙන් එලියට බැස්ස ගමන් මාව ඇදිලා ගියේ එතන තිබ්බ ලොකු garden එකට. කොහෙවත් බලන්නේ නැතුව මන් කෙලින්ම ඉස්සරහට ඇවිදගෙන ගිහින් ඒ මල් දිහා පිස්සෙක් වගේ බලාගෙන හිටියේ මන් මල් වලට ගොඩක් ආස නිසා. වටේම හැරි හැරි ඉන්නකොට ආයෙත් පාරක් මාව ගැස්සිලා ගියේ පිටිපස්සෙන් ආපු ගොරෝසු කටහඬට.

Taehyung: කැමැතිද?

Lees: ම්ම්… මන් මල් වලට ආසයි.

Taehyung: එන්න මාත් එක්ක.

මන් ටක් ගාලා හැරිලා Taehyung ගෙ පස්සෙන් ගියා.

Mansion එකට front door එකෙන් ඇතුලට යන්න අපි දෙන්නා ඉස්සරහට ඇවිද ගෙන යද්දි දෙපැත්තේ හිටපු guards ලා Taehyung ට ආයෙත් bow කරා.

ඇත්තටම මේ මනුස්සයා දෙයියෙක්ද මෙච්චර නමස්කාර කරන්නේ? මගේ ඉස්සරහින් හිටගෙන ඉන්න Taehyung දිහා උඩ ඉඳන් යටට බලලා ආයෙත් අර guards දිහා බැලුවේ මේ මොකද්ද වෙන්නේ කියලා හිතා ගන්න බැරුව. දොර ඇරුණු ගමන් දෙපැත්තට උන guards ලා අපි දෙන්නට ඇතුලට යන්න ඉඩ දුන්නා. Mansion එක ඇතුලට ගියපු ගමන් මන් දැක්කේ තනි සුදු පාට ඇඳගත්ත maids ලා.

Maid: Welcome back Sir.

Taehyung ගෙ කරේ තියන කෝට් එක ගලවපු maid ඒක එයාගෙ පිටිපස්සේ ඉන්න තවත් කෙනෙක්ට දීලා කෙලින්ම ආවේ මන් ලඟට.

CEO'S DAUGHTER Where stories live. Discover now