🔥 FLASHBACK 🔥

1.2K 208 1K
                                    

(Yun pov)

ඊයේ පාර්ටි එක ඉවර වෙලා අපි හැමෝම ගෙදර ඇවිත් කෙලින්ම ඇඳට පැනලා නිදා ගත්තෙ මහන්සියට. ඒත් උදේ පාන්දරම නැගිටින්න උනේ අර Gee තඩියා මගේ ඇගට පැනලා මාව නැගිට්ටපු හින්දා. අපි දෙන්නා ඇද උඩ පෙරළි පෙරළි ඉඳලා ඉක්මනට පහළට ගිහින් කෑම කාලා කාමර වලට ගියේ ලෑස්ති වෙන්න. මොකද අද තමයි මමයි අක්කයි අයියලත් එක්ක ට්‍රේනින් වෙන්න තියෙන්නේ.

අන්තිම වතාවට කණ්නාඩියෙන් මූණ බලලා මන් පහළට ගියා.

Booo!

Yun: AAAAAH

මන් ඉක්මනට බිත්තිය බදා ගත්තා.

මාමා: හී... Good morning වේවා (Jimin ගෙ තාත්තා)

Yun: හොඳ වෙලාවට පඩිපෙලින් බැස්සම බය කරේ නැත්තන් මන් පඩිපෙලින් පයිනවා

මාමා: ඒ මන් හායි කියන විඳිය ඒයි, පුරුදු වෙන්න වෙයි.

Lees: ආ මරු හැබැයි. මාමා මටත් කරා ඕක කුස්සියේ ඉන්නකොට, තව ටිකකින් මට හිරේ යන්න වෙනවා පිහියෙන් ඇනලා මිනී මරන්න හැදුවා කියලා.

අපි හැරිලා බලද්දී දැක්කේ අක්කා files ටිකකුත් අතේ තියාගෙන ඉන්නවා.

Yun: වාව්! ලස්සනයි ඒයි.

Lees: මෙයා බලන්නකෝ හුරතලේ, මගේ බෝලේ.

මාමා: හරි යමු අපි.

Yun: ඇයි Gee ලා?

මාමා: එයා ගියා Joon පුතා එක්ක ගෙදර file එකක් තියෙයි කියලා.
(Himz: File එකට දෙන්නම ගිහින්.... හුම්, interesting)

Lees: අම්මා කොහෙද මාමේ?

මාමා: ආ එයා Gee එක්ක එයාලගෙ ගෙදරට ගියා.

අපි දෙන්නා ඔලුව වනලා මාමගේ පිටිපස්සෙන් ගිහින් කාර් එකට නැග්ගා.

Time skipped

Lees: වැව් අනේ මන් මේ building එකට මාරම කැමැතියි.

ඔව්, අපි ආවේ Jeon Company එකට. මුලින්ම මාව දාලා තමයි ඊටපස්සේ අක්කව Jimin අයියා ගාවට එක්කන් යන්නේ. මට නම් අක්කා නැතුව පාලු හිතෙයි. මොකද එයා ගියාට පස්සේ මන් අර නපුරා එක්ක තනි වෙනවා. ඒත් අක්කට නම් ෆුල් ජොලි වෙයි, මොකද Jimin අයියගේ Company එකේ Mira ඉන්නවා, Gee ඉන්නවා.... තව Taehyung අයියත් ගොඩක් වෙලාවට එන්නේ එහෙට. Gee නම් එයි ඉඳලා හිටලා මොකද එයත් මේකේ meetings තියන දවස් වලට එන නිසා. මට මෙහෙ කතා කරන්න ඉන්නේ හොබි අයියා විතරයි.

CEO'S DAUGHTER Where stories live. Discover now