🔥 MELTING SOULS 🔥

1.1K 180 297
                                    

Next day

(Yunmi's pov)

උදෙන්ම මමයි Rae අක්කයි අපාර්ට්මන්ට් එක ලඟට වෙන්න තියන රෙස්ටුරන්ට් එකට ගියේ හොඳට බඩ කට පුරවන් ඔෆිස් එකට යන්න.

Rae අක්කා මටත් කන්න දෙයක් ඕර්ඩර් කරලා මගේ ඉස්සරහින් ඇවිත් වාඩි වෙලා දෙපැත්තට වැනෙන්න ගත්තම මන් එයා දිහා බලන් හිටියා.

Yunmi: ඇබරෙන්නෙ නැතුව කියහං ඕක.

Rae: ඒ මේ මාර වැඩේනෙ.

Yunmi: මොකද්ද?

Rae: හොබී ඉන්නෙ..

Yunmi: ඔව්, ඉතින්?

Rae: ඒ එයා හොදේ, මට මේ-

Yunmi: අද කියනවද නැද්ද?

Rae අක්කා කියන්න හදනකොටම මනුස්සයෙක් ඇවිත් අපේ කෑම එක මේසෙ උඩින් තිබ්බා.

Yunmi: කියහංකො!

Rae: හී… එයා මට අද හවසට එයා එක්ක ඩේට් එකකට යන්න එන්න කිව්වනේ.

Yunmi: අනේ ඇති යාන්තම් අරූ ඒක අහලා.

මන් පොඩි අත්පුඩි පාරක් ගහන ගමන් මගේ පාන් කෑල්ල කටේ දාගත්තා.

Rae: huh? ඒ කිව්වේ?

Yunmi: මේකනෙ මචං, උබට මොලේ උපතින් පිහිටුනේ නැති එකට අපිට කරන්න දෙයක් නෑ.

මන් දත් තිස් දෙකම දාලා හිනාවක් දාලා ආයෙත් මගේ පාන් කෑල්ල හපන්න ගත්තෙ ඒ මගුල මාරම හයිය නිසා.

Rae: නොදකින්. හරියට කියන්නකො.

Yunmi: අරූගෙන්ම අහගන්න අද.

Rae: තරහයි.

Yunmi: ඉතින් මන් යාලු වෙලා හිටියද?
(Himz: ඔව් මේ අවස්ථාවෙදී ඇය අර මූණු තුනේ ස්ටිකර් එක මෙනෙහි කරයි.)

_______________________________________

(Yun's pov)

අක්කයි මමයි උදෙන්ම ඔෆිස් එකට ආවෙ හැමදාම වගේමයි.

මන් ලැප් එකෙන් Rae අක්කා ඊයේ රෑම මට එව්ව sheducle එක චෙක් කරේ අද හවසට මොනාද තියෙන්නෙ කියල බලන ගමන්. ඒත් එක්කම මගේ අවධානෙ ගියේ පහළ e-mail notification එකට.

Notification එක ක්ලික් කරලා ඒක කියවන්න ගත්තමත් එක්කම මට දාඩිය දාන්න ගත්තෙ මන් ඊයේ දවසෙම බයෙන් හිටපු දේ දැන් මට ආයෙමත් මතක් වෙද්දි.

CEO'S DAUGHTER Where stories live. Discover now