🔥 TEAM ANGRY BIRD 🔥

1K 150 168
                                    

ජියෝන් ජන්කුක් තමන් ගෙ ඇගිලි තුඩු වලින් නලල මසාජ් කරන ගමන් තමන්ගෙ කාමරේ දොර ඇරගෙන ආවෙ තමන් එනකන් බලන් ඉන්න සෝ යුන් ව බලන්න හිතාගෙන.

කාමරේ දොරත් ඇරගෙන ආපු ජන්කුක් එවෙලෙම සන්සුන් වෙලා ගියේ කාමරේ පුරාවටම එන ලැවෙන්ඩර් සුවඳ තමන්ගෙ නහය ඇතුලට ඇදිලා යද්දි.

ඒ සුවදෙ අයිතිකාරයව හොයන් ජන්කුක් මුලු කාමරේ පුරාම ඇස් යැව්වත් ඒ කෙනා හිටපු නැති නිසා ජන්කුක් ගෙ ඒ සන්සුන් මුහුණ මොහොතකට තිගැස්සුනත් කාමරේ තිබ්බ ලොකු වීදුරු ජනේලය අතරින් එළියට ලස්සනට පේන හෙවනැල්ල දැක්ක ජන්කුක් ආයෙමත් අසාමාන්‍ය විදිහට සන්සුන් වුනේ තමන්ට නොදැනිම තොල් වල හිනාවක් ඇදෙද්දි.

බැල්කනි එකට ඇවිදන් ගියපු ජන්කුක් තමන්ට පිටු පාලා ඉන්න සෝ යුන් ව දෙපාරක් හිතන්නෙ නැතුව තමන්ගෙ අත් දෙක යවලා තමන් ආස කරන ඒ ලැවෙන්ඩර් මල බදා ගත්තෙ අතාරින්න බලාගෙන නම් නෙවෙයි.

"Hun…" ඒත් එක්කම ජන්කුක් තමන්ගෙ නිකට යුන් ගෙ කොන්ඩෙ අස්සෙ ඔබා ගත්තෙ යුන් ගෙන් එන ඒ සුවඳ තමන් ව වෙනම ලෝකෙකට අරන් යන්න ඉඩ සලස්වන ගමන්.

"හ්ම්?" යුන් ගෙන් ලැබුණු ඒ වේලුනු උත්තරේ ඇහුනු ජන්කුක් ඇස් නැබුරු කරන් යුන් ව තමන්ගෙ පැත්තට හරව ගත්තෙ යුන් ගෙ මේ හැසිරීම දැනටමත් ජන්කුක් ට තේරුම් යන්න අරන් තිබ්බ නිසයි.

"What's wrong hun?" යුන් ගෙ මූන පුරාවටම ඇස් ගෙනිච්ච ජන්කුක් තමන්ගෙ ඇහි බැමක් ඉස්සුවෙ ප්‍රශ්න කරන ගමන්.

"මට මහන්සියි ඒකයි." ලාවට හිනා වුනු යුන් තමන්ගෙන් ඈත් වෙලා කාමරේ ඇතුලට යන විදිහ දැක්ක ජන්කුක් ගෙ ඇස් අදුරු වෙන්න තත්පරයක් වත් ගියේ නෑ.

යුන් එක්කම වගේ කාමරේ ඇතුලට ආපු ජන්කුක් යුන්ගෙ හැම ඉරියව්වක් දිහාම තමන්ගෙ බෙල්ලත් ඇද කරගෙන බලන් හිටියේ යුන් ගෙ හැසිරීමට හේතුව හොදටම දැනගෙන.

ඇද උඩ වාඩි වුනු යුන් තමන්ගෙ ෆෝන් එක ඔබන දිහා ජන්කුක් තමන්ගෙ තොල දිගේ දිව යවන ගමන් බලන් හිටියේ තමන්ගෙ ඩාර්ක් ඕරා එක කාමරේ පුරාවටම පතුරවමින්.

ඒත් එක්කම යුන් තමන්ගෙ හෑන්ඩ් බෑග් එක අරන් නැගිටලා ජන්කුක් ලගට ඇවිත් කම්මුලට පොඩි කිස් එකක් දීලා එතනින් යන හැටි ජන්කුක් කට කොනකින් හිනා වෙලා බලන් හිටියේ තමන්ගෙ ඔලුව ඇතුලෙ වැඩ කරන මාරාන්තික යක්ශයන් තමන්ව විකුර්ති කරවද්දි.

You've reached the end of published parts.

⏰ Last updated: Mar 04, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

CEO'S DAUGHTER Where stories live. Discover now