🔥 TEARS 🔥

687 143 161
                                    

Months later

මේ වෙද්දි සියෝල් වල තියෙන ලොකුම මැන්ශන් එක එහෙමත් නැත්තන් ජියෝන් මැන්ශන් එකම කලබලෙන් වැඩ කරේ මිස්ටර් ජියෝන් වන එහෙමත් නැත්තන් ජියෝන් ජන්ග්කුක් සහ ජියෝන් යූන්-අහ් ගෙ තාත්තා හදිසියේම ෆැමිලි මීටින් එකක් තියන්න ඕඩර්ස් දීපු නිසා මේ වෙද්දි හරියටම කියනවා නම් මුලු සියෝල් නගරයම කැලබිලා ඉවරයි. මොකද සාමාන්‍යයෙන් අවුරුදු ගානකටම තියෙන ලොකුම family gathering එක තියෙන්නෙ මේ ජියෝන් මැන්ශන් එකේ නිසා.

මේ මීටින් එකට එන හැමෝම ලෝකෙ ඉහළම නමක් දිනාගත්ත ෆැමිලීස් නිසා හයි ක්ලාස් මට්ටමෙන් මේ ගැදරින් එක තියන්න ජියෝන් පවුල අමතක කරන්නෙ නෑ.

ජියෝන් මැන්ශන්

"ඔය ඕක ඔතනින් තියන්න! තව ටිකක් මැද්දට! හරි හරි ඔතනින් තියන්න!" යූනහ් ගෙ (ගී ගෙ) අම්මා මේ වෙද්දි මාලිගාවක් තරම් ලොකු තමන්ගෙ ගෙදර වැඩ ඔක්කොම ඉවර කරලා දාඩිය පිහදන් living room එකට එද්දි තමන්ගෙ ළමයි ඔක්කොම එතන හිනා වෙවී කාඩ් ගහනවා දැක්කම මිසිස් ජියෝන් ගෙ ඇගේ මාලු නටන්න ගත්තා.

"මෙච්චර මන් අතන මැරීගෙන වැඩ කරද්දි මන් අහන්නෙ හිතක් පපුවක් නැද්ද ඔහෙලට මෙතන කකා බිබී ඉන්න?"

මිසිස් ජියෝන් එකපාරටම කෑ ගහන්න ගත්ත සද්දෙ නිසා එතන ඉන්න හැමෝම ගැස්සිලා ගියේ කකා බිබී හිටපු කෑමත් හිර කරවන ගමන්.

"ඉතින් අම්මෙ අම්මා ම නෙ අපි උදව් කරන්න ආවම එලවන්නෙ. අනික ඔතනට ඇවිල්ලා නිකන් මොකටද අපේ හිතයි පපුවයි යකෙක් ට බිලි දෙන්නෙ." කියලා වැඩි වෙලාවක් යන්න කලින් එතන මැන්ශන් එකේ වැඩ කරන අයගෙ ඉදන් පවා මූනට හිනාවක් ගේන්න යූන්-අහ් ට පුලුවන් වුනා.

"හා හා ඒවගෙන් දැන් වැඩක් නෑ කෝ දන් ඔයාගෙ මනමාලයා? දැන් එන්නත් වෙලාව හරි. අදවත් වෙලාවට එන්න කියන්න නිකන් බොරුවට තාත්තගෙ බ්ලඩ් ප්‍රෙශර් එක නග්ගන්නෙ නතුව." යූන්-අහ් ඔලුව වනලා ටක් ගාලා උඩට ගියේ තමන්ගෙ ආදරේ වෙන නම්ජූන් ට කෝල් එකක් ගන්න.

"යකො, ඕක ගන්න කාමරෙ අස්සට දුවන්න ඕනෙද?" ආයෙමත් හැමෝටම හිනා ගියේ මිස්ටර් පාර්ක් ගෙ නැවතෙන්නෙ නැති විහිලු කතා අහලා.

CEO'S DAUGHTER Where stories live. Discover now