අග්නි 71

1.6K 365 355
                                    

මිධුනාථ දිවගොස් සිය අසිපත හා කැටපෝලය සුරතට ගත්තේ ය. ඔහු කලබලයෙන් සෑම දෙසම දෑස් යොමු කළද එහි සීහශාලිගේ සේයාවක් හෝ නොවී ය. සිය කලබලකාරී බැල්ම හමුවේ සුලෝධජගේ දෑස් ද නොසන්සුන් වනු ද ඔහු එදෙසට කෝපාන්විතව ඇවිද එනු ද මිධුනාථ දුටුවේ ය.

'' කොහි ද ශාලි !!! '' සුලෝධජ රෞද්‍ර ලෙස විමසුවේ ය.

'' තමුන්ට පෙනෙන්නේ නැති ද !! මා ද සොයන්නේ ඇය තමා !! '' මිධුනාථ ද කෝපය හා කම්පනයෙන් සුලෝධජ වෙත කඩා පැන්නේ ය.

'' කොහි ද දැන් ඇය !!!!! '' සුලෝධජ රෞද්‍රව විමසුවේ හස්තයෙන් දැඩිව ග්‍රහණය කරගනිමිනි. මිධුනාථ තවමත් නිහඩ විය . ඔහු කම්පනයෙන් තවමත් සිය අසිපත හා කැටපෝලය දෙස බලා සිටියේ ය.

'' තමුන් ඇයව මෙහි තනිව තබා ආවා ද !!!! බලනවා මේ වනය කෙතරම් අදුරුද කියා !!!!! ඇය සත් හැවිරිදි දැරියක් !!!!!!!! '' සුලෝධජ රෞද්‍රව ගිගිරුවේ කෝපයෙන් මිධුනාථ පසෙකට තල්ලු කරමිනි. සුලෝධජගේ අනපේක්ෂිත තල්ලු කිරීම හමුවේ මිධුනාථ පසෙකට විසිවී බිම ඇද වැටුණේ ය.

'' නැතිනම් තමුන් පවසන්නේ ඇයව ගිනි ගන්නා මාළිගය තුළට රැගෙන එන ලෙස ද !!!!! '' මිධුනාථ ද පෙරළා කෑගැසුවේ ය. ඔහු කෝපයට වඩා කම්පනයෙන් විය .

'' තමුන්ගේ ප්‍රලාපවලින් පලක් නොවේ... ශාලීට කුමක් හෝ සිදුවුවහොත් තමුන්ව මරාදමනවා !!! '' සුලෝධජ රෞද්‍ර ලෙස ගිගිරුවේ ය.

'' නිහඩවනවා ප්‍රථමයෙන් !!!! '' මිධුනාථ ද සුලෝධජ වෙත කෑගැසුවේ ය. ශාලී කොහි යන්නට ඇති දැයි මිධුනාථට සිතාගත නොහැකි විය .

'' නිහඩව සිටියා කියලා ශාලී හමුවනවා ද !!! ''

'' එසේ නම් රිසි සේ කෑගසා ප්‍රහාරයකයන් සියලු දෙනා මෙහි ගෙන්වා ගන්නවා !!! '' මිධුනාථ නැවතත් පෙරළා කෝපයෙන් කෑගැසුවේ ය.

'' ඇති !! ඇති !!! ඇති!!!! .. මට තමුන්ගේ ප්‍රලාප පලක් නැහැ.. සීහශාලීව සොයනවා !!! තමුන් කුමන ආකරයේ පියෙක් ද ඇයව මෙහි දමා ගියේ !!! '' සුලෝධජ රෞද්‍රව ගිගිරුවේ ය.

මිධුනාථ කිසිවක් නොපැවසුවේ ය . ඔහුගේ සිත ද වරදකාරී හැගීමෙන් පිරී තිබූ අතර ඔහුට කිසිවක් පවසා ගත නොහැකි තරමින්ම ඔහු බිදී ගොසින් සිටියේ ය.

♛ අග්නි ♛Where stories live. Discover now