Chapter 1

1.7K 284 54
                                    

ෂැංහයි සිට බෙයිජිං දක්වා වූ ගමනේ පැය 4 1/2 පමණ පස්සේ චාන් බුලට් ට්‍රේන් එකෙන් බැස්සේ අත පය හතරේ හිරි ඇර ඇර. චාන්ව ගන්න station එකට චාන්ගේ අතිජාත මිත්‍රයා යූබින් ඇවිත් හිටියා.
චාන් බැස්ස ගමන් ඇන්ටනාව කරක කරක හෙව්වේ යූබින් ව.ඈත ඉදන් අත වනන යූබින්ව දැක්කම චාන්ගේ මූනේ හිනාවක් ඇදුනේ යූබින්ව දැක්කේ හුග කාලෙකට පස්සේ නිසා.

යූබින් ඇවිත් චාන්ව බදා ගත්තේ "අඩෝ කොල්ලා එන්න එන්න handsome වෙනවනේ.තව පොඩ්ඩෙන් මට අදුර ගන්නත් බැරි වෙනවා." කියාගෙනමයි.

"පල පල යන්න.ආපු ගමන් කින්ඩිය දාන්නේ.ඒක් නෙවෙයි අද hospital යන් නැද්ද බන්?"
චාන් ඇහුවේ යූබින් එක්ක එයාගේ සූට්කේස් ටිකත් අරන් කාර් එකට යන ගමන්.

"යන්න ඕනේ බං.හවසට surgery එකක් තියෙනවා.උබව apartment එකට දාලා මන් යන්නම්."
යූබින් සේවය කරන්නේ බෙයිජිං වල තියෙන Dongfang hospital එකේ වෛද්‍යවරයෙක් විදියට.යූබිනුයි චානුයි ස්කූල් යන කාලේ ඉදන් හොදම යාලුවෝ.ඒත් දෙන්නා වෙන් උනේ university යද්දි.චාන් ෂැංහයි වලම university එකකින් music degree එකක් කරද්දි යූබින් බෙයිජිං වල university එකකට ආවේ medical science කරන්න.

යූබින් ඉගෙන ගත්ත beijing union university එකේ music lecturer කෙනෙක් විදියට චාන්ට අලුත් රැකියාවක් හොයලා දෙන්න යූබින්ට පුලුවන් උනේ යුනිවර්සිටි එකේ dean යූබින්ව හොදට අදුරන නිසා.

"උබ ජොබ් එකක් හොයලා දෙන්න කියලා කිව්ව ගමන් මන් අපේ ඩීන්ට කෝල් කරා.අපි නිතරම වෛද්‍ය ආදිශිෂ්‍ය සංගමයෙන් university එකට donations කරන හින්දා ඩීන් අපිත් එක්ක ෆිට්.වැඩේ කියන්නේ music lecturer කෙනෙක් විදියට vacancy එකක් තියෙනවද අහද්දි මේ මාසේ maternity leave යන්න ඉන්න කෙනෙක්ගේ vacancy එකක් තියෙනවා කිව්ව එකනේ වැඩේ.උබේ වෙලාව හොදයි ඉතින්.ඒක නෙවෙයි තාත්තයි කුඩම්මයි දන්නවද බං උබ මේ ජොබ් එකට ආවා කියලා.?"

"එයාලගෙයි මගෙයි සම්බන්ධයක් නෑ බං දැන්.මන් මට ඕනේ විදියට දැන් ජීවත් වෙන්නේ.හරිම නිදහසේ.ඇයි කලින් මේ දේවල් මන් මෙහෙම විසද ගත්තේ නැත්තේ කියලා හිතෙනවා."

"ඒත් උබ කරේ හරි දෙයක්ද බං? ඒ දේවල් උබේ අම්මගේනේ.අනික..."
චාන්ගේ මූන වෙනස් වෙනවා දැක්ක යූබින් ඒ කතාව එහෙම්ම නතර කරා.ඇත්තටම යූබින්ට චාන් ගැන ඇති උනේ ලොකු අනුකම්පාවක්.කොහොම හරි කමක් නෑ දැන් චාන්ට ඕනි උන නිදහස හම්බෙලා තියෙන හින්දා යූබින්ට ඇති උනේ සතුටක්.පොඩි කාලේ ඉදන් චාන් ගත කරේ මොන වගේ ජීවිතයක්ද කියලා දැනගෙන හිටියේ යූබින් විතරයි.යූබින් එයාගේ යාලුවා ගැන ඇත්තටම ගොඩක් වද උන කෙනෙක්.

𝕎𝕙𝕚𝕤𝕡𝕖𝕣𝕤 𝕠𝕗 𝕃𝕠𝕧𝕖      [Zhanyi ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ] SinhalaHikayelerin yaşadığı yer. Şimdi keşfedin