Chapter 13

956 267 72
                                    

(Chapter 11 චාන් දවස් දෙකකට කලින් ගමේ ගිය තැන ඉදන් චාන්ගේ කතාව තමයි දැන් යන්නේ.අර station එකෙන් බැස්සට පස්සේ ලුවිස් අන්කන් චාන්ව කොහෙද එක්කන් යන්නේ.එතන ඉදන්.)

Flashback

"ලුවිස් අන්කල් මේ කොහෙද යන්නේ?"
චාන් රෑට නවතින්න බුක් කරපු හොටෙල් එකට නැතුව වෙන පැත්තකට යනවා දැකලා චාන් ඇහුවා.

"ඔයාට ගියහම දැනගන්න පුලුවන් පොඩි බේබි."
දැන් නම් චාන්ට තරහත් ගිහින් තියෙන්නේ.ලුවිස් අන්කල් කිසි දෙයක් කියන්නෙත් නෑ.දැන් නම් ඇයිද කියන්න දන් නෑ චාන්ට පොඩි බයකුත් දැනෙනවා.ඒත් ලුවිස් අන්කල් කවදාවත් එයාට නරකක් කරන් නෑ කියන විශ්වාසේ තියෙන හින්දා චාන් හිත හදා ගත්තා.

***********

ලුවිස් ගිහින් කාර් එක නැවැත්තුවේ ටිකක් ලොකු තට්ටු දෙකේ ගෙයක් ඉස්සරහා.

"එන්න පොඩි බේබි."
චාන් කාර් එකෙන් බැහැලා ඇස් කරක කරක බැලුවේ මීට කලින් කවදාවත් මෙතනට ඇවිත් නැති නිසා.

"ලුවිස් අන්කල් තමා මට ඉන්න එකම විශ්වාසවන්තයා.එයාව අවිශ්වාස කරන්න නරකයි.ඒත් මුකුත්ම කියන් නැතුව කොහෙටද මේ මාව අරන් යන්නේ.මෙයත් කුඩම්මාගේ පැත්තටද දැන් වැඩ කරනවා ඇත්තේ?"
චාන්ගේ ඔලුව පඹ ගාලක පැටලිලා වගේ.නලලෙන් දාඩිය වැක්කෙරෙන්න ගත්තේ හිතේ බයට.

"ලුවිස් අන්කල් දැන්වත් කියනවද අපි කොහෙටද මේ ආවේ කියලා ."
චාන් ටිකක් තදින් ඇහුවේ මොකද්දෝ හේතුවක් නිසා හිතට බයක් දැනෙද්දී.

ලුවිස් අන්කල් මුකුත් නොකියා ගේ ඇතුලට ගියා.ඊට පස්සේ ඔෆිස් රූම් එකක් වගේ එකක් ලග නැවතිලා දොරට තට්ටු කරා.චානුත් වෙන කරන්න දෙයක් නැති නිසා ඔහේ බලන් හිටියේ වෙන දෙයක් වෙද් දෙන් කියලයි.

"ඇතුලට එන්න..."
ඇතුලෙන් ගොරෝසු කටහඩක් ඇහෙද්දී ලුවිස් අන්කල් චාන්ට ඔලුවෙන් සන් කරේ ඇතුලට යමු කියලා.දෙන්නම රූම් එක ඇතුලට ගියා.වයස අවුරුදු 70වක විතර සීයා කෙනෙක් ඇතුලේ වාඩි වෙලා හිටියා.චාන්ව දැක්ක ගමන් ඒ සීයා ඇස් වල කදුලු පුරෝ ගත්තා.

𝕎𝕙𝕚𝕤𝕡𝕖𝕣𝕤 𝕠𝕗 𝕃𝕠𝕧𝕖      [Zhanyi ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ] SinhalaWhere stories live. Discover now