Chapter 6

896 268 62
                                    

Sorry guys, Update කරන්න පරක්කු උනාට.කතාව මතක නැත්තන් කලින් chapter එක සුටුස් ගාලා බලලා එන්න.මන් ඒක චුට්ටක් අද වෙනස් කරා.

********

චාන් ලෙක්චර් එකකට යන්න ස්ටාෆ් රූම් එකෙන් එලියට එද්දි දැක්කේ ස්ටාෆ් රූම් එක ඉස්සරහා යීබො හිටගෙන ඉන්නවා කියලා.

"යීබො.ඇයි මෙතන හිටගෙන ඉන්නේ? කාව හරි සර් කෙනෙක්ව හරි මිස් කෙනෙක්ව හරි හම්බෙන්නද ආවේ?"

"මේ..මේ..මන් සර් එනකන් හිටියේ."

"මන් එනකන්? ඇයි දරුවෝ?"

"මේ..සර් මන් ආවේ සමාව ගන්න.සර් මට උදව් කරලත් මන් සර්ට කතා කරපු විදිය වැරදි.I'm sorry sir.ඇත්තටම වෙන සර් කෙනෙක්වත් මිස් කෙනෙක්වත් ඔහොම උදව්වක් මට කරලා නෑ.ගුරුවරයෙක් ඉස්සරහ මන් ඔය තත්වෙට මූන දීලා නෑ කලින්.ඒ නිසා කොහොම හැසිරෙන්නද කියලා මට හිතා ගන්න බැරි උනා."

"මට පේන්නේ එක්කෙනෙක්ට යැන්ලි බැනලා වගේ.යැන්ලි කිව්වා නේද මට sry කියන්න කියලා."
චාන් කිව්වේ හිනා වෙන ගමන්. ඒක ඇහිලා යීබො මෝඩ හිනාවක් දැම්මා.

"ඒකට කමක් නෑ.ඔය වගේ දෙයක් ආපහු උනොත් කාට හරි ගුරුවරයෙක්ට කියන්න.මට හරි ඇවිත් කියන්නකෝ.හැමදේම හිතේ තියන් ඉන්න එපා.ඕනේ දෙයක් ඇවිත් කියන්න.හරිද."
චාන් යීබොගේ ඔලුව අත ගාන ගමන් කිව්වා.මොකක්දෝ හේතුවක් නිසා වෙන කිසිම ගුරුවරයෙක් ලගින් නොදැනුනු ආරක්ෂාවක් රැකවරණයක් චාන් ලගදි යීබොට දැනුනා.යීබො හිස පාත් කරලා දෑස් පියා ගත්තේ චාන් එයාගේ හිස අතගාන ස්පර්ශය විදගන්න.

යීබො ඇත්තටම ආවේ යැන්ලි හොදටම බැන්න නිසා උනත් එහෙම හරි එයා ආපු එක ගැන සතුටු උනා.

.....................................................................

චාන් දවසක් උදේ වරුවක ලෙක්චර් එකක් ඉවර වෙලා ස්ටාෆ් රූම් එකට යද්දි මියුසික් රූම් එකෙන් ආපහු අර මියුරු තනුව ඇහුනා.මේ පාර නම් චාන් ඒ කවුද කියලා බලන්න ගියා.එයා දැක්කේ ගිටාර් එක ප්ලේ කර කර ඉන්න යීබොව.

𝕎𝕙𝕚𝕤𝕡𝕖𝕣𝕤 𝕠𝕗 𝕃𝕠𝕧𝕖      [Zhanyi ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ] SinhalaWhere stories live. Discover now