Chapter 7

892 275 55
                                    

චාන් car park එකට ගිහින් කාර් එක අරන් ආවා.

"නැන්දේ, නගින්න."
අර කාන්තාව හිනා වෙලා චාන්ගේ කාර් එකට නැග්ගා.

"නැන්දට මහන්සි නම් ගෙදර කාට හරි කියන්න එපැයි බඩු ගන්න යන්න කියලා.ඇයි අමාරුව තියාගෙන ආවේ?"
චාන් යන ගමන් කිව්වා.

"මායි පුතයි විතරයි ඉන්නේ දරුවෝ.පුතා අසනීපෙන් ඉන්නේ.ඒ නිසා එයාට එන්න බෑ."

චාන් කතාවෙන් කතාව ඒ කාන්තාව කිව්ව පාර දිගේ ඇවිත් කුඩා නිවසක් ලගින් නතර උනා.

"අනේ පුතේ ගොඩක් ස්තූතියි.ඒත් යන්න නම් දෙන්න බෑ.එන්න මොනවා හරි බීලා යමු."

"අනේ ඕනේ නෑ නැන්දේ මන් යන්නම්."

"බෑ බෑ මට මෙච්චර උදව් කරලා,මාව ගෙදරටමත් ගෙනත් දාලා මුකුත් බොන්නෙවත් නැතුව යන්න දෙන්න බෑ."
චාන් අර කාන්තාවගේ බල කිරීම නිසා හිනා වෙලා කාර් එකෙන් බැහැලා ඇයත් එක්කම නිවස දෙසට ඇවිදන් ගියා.

"මමා ඔයා ආවද?"

ඒත් එක්කම එහෙම කියාගෙන නිවසෙන් එලියට ආපු කෙනාව දැකලා චාන්ගේ දෑස් විසල් උනා.

"වන්ග් යිබෝ!!"

"චාන් සර්..."
යීබොත් චාන්ගේ කටහඩ ඇහිලා පුදුම උනා.

"චාන් සර් කොහෙද මෙහෙ?"
යීබො ආපහු ඇහුවා.

"ඔය දෙන්නා අදුරනවද?"
යීබොගෙ අම්මත් පුදුම උනා.

"ඕ මේ මගේ මියුසික් සර්."
‍මේ වගේ වෙලාවක චාන්ව හම්බුන නිසා යීබොත් හිටියේ සතුටින්.

"මගේ..මගේ..මගේ.."
යීබො 'මගේ' කියලා කිව්ව වචනේ චාන්ගේ හිත පුරා දෝංකාර දුන්නේ මූන රත් පැහැයට හැරෙද්දි.

"අනේ සර්..මන් දැනන් හිටියේ නෑ නේ.එන්න ඇතුලට."
යීබොගේ අම්මා චාන්ව ඇතුලට අරන් ගියා.

"මමාට කොහොමද සර්ව හම්බුනේ?"

"ආහ් මේ මට සුපර්මාර්කට් එකේදී බඩු ගන්න ඇවිත් හම්බුනා. මන් පර්ස් එක දාලා ගිහින් නේ පුතේ.බෑග් එකේ පොඩි පොකට් එකේ තිබ්බ සල්ලි මදි උනා බඩු ගන්න.සර්ට තේරිලා සර් මදි ගාන දාලා ටැක්සි එකක යන්න වෙන්නෙත් නෑ නේ පර්ස් එක නැති නිසා කියලා මාව ගෙදරටම ගෙනත් දැම්මා.එච්චර උදව්වක් කරලත් මාව ඇරලලා යන්න හදද්දි මන් මේ බලෙන් ගෙට ඇදන් ආවේ මොනවා හරි බීලා යන් කියලා."
යීබොගේ අම්මා බොරු කිව්වේ කලන්තේ හැදුනා කිව්වොත් යීබො බය වෙන නිසා.එයා චාන් දිහා බලලත් 'ඇත්ත කියන්න එපා' කියන්න වගේ ඔලුව දෙපැත්තට වැනුවා.
චානුත් වැඩේ තේරුම් අරන් හා කියලා ඉගි කරා.

𝕎𝕙𝕚𝕤𝕡𝕖𝕣𝕤 𝕠𝕗 𝕃𝕠𝕧𝕖      [Zhanyi ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ] SinhalaWhere stories live. Discover now