Chapter 26

861 250 48
                                    

යීබො කැම්පස් එකට ඇතුල් වෙන තැන ඉදන් බලන් හිටියා.මේ තියෙන්නේ යීබො සිසුවෙක් විදියට කැම්පස් එකට එන අන්තිම දවස.අද තමා යීබොගේ 4th year එකේ end semester exam එකේ අන්තිම දවස.

යීබො කැම්පස් එකේ දොරකඩ ඉදන් ටික වෙලාවක් කැම්පස් එක දිහා බලන් හිටියා.එයාට මතක් උනා මුලින්ම කැම්පස් ආපු දවස. අලුතෙන් යාලුවෝ හම්බුන විදිය.සින්නෝ රැග් දීපු විදිය.ඊට පස්සේ හදිස්සියේ සිද්ද උන සිදුවීම නිසා එයා ආපහු ගොඩ කාලෙකට පස්සේ කැම්පස් ආවත් එයාට SED එකට යන්න උන විදිය.ශුආන්ලා එහෙම අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් එයාට කරදර කරපු විදිය.ඊට පස්සේ එයා තනිකරම වෙනස් උන විදිය.ඒත් ඔය ඔක්කොමත් එක්ක යීබො ආසම එයාගේ 4th year එකට.මොකද ඒකෙදි තමයි එයාට චාන්ව හම්බුනේ.හැල හැප්පීම් මැද්දේ ගෙවුනු ඒ කාලේ ආයේ එන්නෙ නෑ කියලා මතක් වෙද්දි යීබොට දුකයි.

යීබො හොද හුස්මක් අරන් ඇතුලට ගිහින් එයාගේ badge mate ලත් එක්ක එකතු උනා.

යීබො exam එක ඉවර උනාට පස්සේ හැමදාම academy යන්න පටන් ගත්තා.එයාට audition එකට සති දෙකක් තිබුන නිසා යීබො එයාගේ සම්පූර්ණ අවදානේ ඒකටම යොදවලා තිබුනේ.සමහර දවස් වලට යීබො රෑ වෙනකන්ම practice කරා.හයිකුආනුත් ඇකඩමි එකේ ඉන්න අනිත් අයට වඩා යීබොට අවදානය දුන්නේ එයාගේ audition එක ලග නිසා.චාන් යීබො රෑ වෙන දවස් වලට යීබොව ගන්න ගියා.කාර් එකට නැග්ග වෙලාවේ ඉදනුත්,ගෙදර ආපු ගමන් වොශ් දාලත් යීබො කරේ නිදාගත්ත එක.එයාලට එකට ඉන්න තියෙන පොඩි වෙලාවෙත් යීබො නිදාගන්නවා කියලා චාන් කවදාවත් complain කරේ නෑ.චාන් යීබොට උපරිම support එක දුන්නා.

අන්තිමෙට හැමෝම කැපවුන මහන්සි උන ඒ දවස උදා උනා.අද යීබොගේ audition එක.චාන් එලියට වෙලා ඉන්නේ යීබො එනකන්.තරගෙට සහභාගී වෙන අය ඇරෙන්න අනිත් අයට ඇතුලට යන්න බෑ.

යීබො එයාගේ වාරේ එනකන් ඉවසීමෙන් බලන් හිටියා.යීබො එයාගේ වාරය එනකන් රැදී ඉද්දී එයාට කලින් ඇතුලට ගිය ගොඩක් අය එලියට ආවේ අඩාගෙන. ඒ විනිශ්ෂ මන්ඩලේ ඒ වෙලේම එයාලගේ තීරනේ කියන නිසා.එයාලා තරගකරුවගේ dancing,singing වගේම acting skills එක පාර බලලා ඒ ගැන සෑහීමට පත් වෙනවා නම් ඒ වෙලේම තෝරා ගැනීම් කරනවා.

𝕎𝕙𝕚𝕤𝕡𝕖𝕣𝕤 𝕠𝕗 𝕃𝕠𝕧𝕖      [Zhanyi ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ] SinhalaDonde viven las historias. Descúbrelo ahora