Chapter 20

900 278 89
                                    

චාන් යීබොත් එක්කන් කොරියන් රෙස්ටුරන්ට් එකකට ගියා.චාන් ඒකේ මෙනූ එක කියවද්දි යීබො එයාට ඕනේ ඒවා ඕඩර් කරා.දහයක් විතර ජාති ඕඩර් කරන යීබො දිහා චාන් බලන් හිටියේ ඇස් දෙකත් කටේ දාන්.

"ගත්තා වගේ ඔක්කොම කන්න ඕනේ හරිද?"
චාන් කිව්වේ ගෑරුප්පුවකින් යීබොගෙ කටට tteokbokki කෑල්ලක් ඔබන ගමන්.

හැමදාම වගේ ඉතින් යීබො අරකෙන් කටයි මේකෙන් කටයි කියද්දි චාන්ට උනේ යීබො ඉල්ලන ඉල්ලන එක කවන්න.චාන් හැමදාම යීබොට කවන වැඩේ කරේ හරි ආසාවෙන්.

කන අතරේ යීබො සෝජු බොන්න ගත්තා.චාන්ට ඩ්‍රයිව් කරන්න තියෙන නිසා චාන් ඩ්‍රින්ක්ස් ගත්තේ නෑ.සෝජු ශොට් දෙකකට විතර පස්සේ යීබොගේ මූන රතු වෙන විදිය චාන් බලන් හිටියේ හරි ආසාවෙන්.

"චන්ගා..."

"ඕ?"

"චන්ගා..."

"ම්ම්ම්...."

"චන්ගා..."

"මොකෝ?"

"ම්හ්..නිකන්."

"නිකන්?"

"ඕ ඔයාගේ නමත් ඔයා වගේම ලස්සනයි චන්ගා."
යීබො කිව්වේ චාන් වත් කරලා දුන්න තුන් වෙනි සෝජු සෙට් එකත් කටට හලා ගන්න ගමන්.යීබො කිව්ව එකට චාන්ගේ ඇස් දෙක විසල් උනත් යීබො ඒක ඇදලා පැදලා කිව්ව විදියට චාන්ට තේරුනා යීබොගේ ලිමිට් පැනලා කියලා.

"බෝදී කෝ දැන් ඇති.ඔයාගේ alcohol tolerance එක අන්තිමයි කියලා මන් දැනන් හිටියේ නෑ නේ.ඔයා track out වීගෙන එන්නේ."
චාන් හිනාවෙලා කිව්වේ යීබොගේ රතු උන මූනත් ඇදලා පැදලා හුරතල් විදියට කතා කරන විදියත් නිසා යීබො බිව්වට පස්සේ සෑහෙන්න කියුට් කියලා චාන්ට හිතෙද්දී.

"බ්ලෑ..බ්ලෑ.. තව ඕලේ.."
යීබො චාන් ලග හුරතල් වෙන්න ගත්තා.

"චන්ගා...මන් මේ බොල්ලේ...අවුලුදු 3කට පස්සේ.."
යීබො ඇස් අඩවන් කරන් කියද්දි චාන්ට උන් හිටි තැන් අමතක උනා.

"ඒ බෝදි දැන්ද කියන්නේ? දෙයියනේ ඒ කෝ මේ බලන්න.ඔයාට ඩොක්ටර්ස්ලා කියලා තියෙනවද බොන්න එපා කියලා.ඔයාට හොද නැද්ද? අයියෝ ඔයාගේ මමාට මන් දැන් මොකද කියන්නේ.බෝදී..."
චාන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න යීබොට සිහිය තිබ්බේ නෑ.යීබො මේසේ උඩ ඔලුව ගහ ගත්තා.
චාන් ටක් ගාලා යීබොගෙ මමාට කෝල් එකක් ගත්තා.

𝕎𝕙𝕚𝕤𝕡𝕖𝕣𝕤 𝕠𝕗 𝕃𝕠𝕧𝕖      [Zhanyi ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ] SinhalaWhere stories live. Discover now