Chapter 4

1K 278 46
                                    

චාන් හැමදාම උදේට එයාගේ dept එකට යද්දී බලනවා එයා ආපු පලවෙනි දවසේ ඇහුනු ගිටාර් වාදනය ඇහෙනවද කියලා.කොහොමත් මිස් ලූ දුන්න ෆයිල් එකේ තිබුන විදියට main instrument එක විදියට ගිටාර් එක තෝරගත්ත ලමයි 5 දෙනෙක් SED එකේ හිටියා.ඒ හින්දා එයාලගෙන් කවුද එදා චාන්ගේ හිත වශී කරපු වාදකයා කියලා චාන් තාම දන් නෑ.

චාන් ඇවිත් තුන් වෙනි දවසේ ඉදන් මිස් යූ එක්ක ලෙක්චර්ස් ගිහින් මිස් ලූ අධීක්ෂණය කරද්දී චාන් උගන්නන්න පටන් ගත්තා.ඒ, ඒ සතියෙ මිස් ලූගේ අන්තිම දවස් කීපය නිසා.චාන් උගන්නන විදිය බලන්නයි මිස් ලූට ඕනේ උනේ.

මිස් ලූ කිව්වා වගේම ගොඩක් ලමයි චාන්ව බලන්න ලෙක්චර්ස් ආවා.විශේෂයෙන් ගැහැණු ලමයි.චාන් එයාගේ වැඩ ටික හරිම ඉක්මනින් අල්ල ගත්තා.ලමයි එක්කත් සහයෝගයෙන් වැඩ කලා.SED එකේ ලමයින්ට පවා චාන් එයාගේ උපරිමයෙන් ඉගැන්වීම් කටයුතු කරා.මේ නිසා දවස් කීපයක් ඇතුලත චාන් ලමයි අතරේ ෆේමස් උනා.

මේ අතරේ SED එකේ යීබොගේ ක්ලාස් රූම් එක ඇතුලේ ලමයි කීප දෙනෙක්ගේ සංවාදයක්

"මේ art එකේ ඉන්න මගේ යාලුවෙක් කිව්වා අපිට මියුසික් කරන චාන් සර් පට්ට හැන්ඩ්සම් කියලා.එයාලටත් මියුසික් කරන්නේ චාන් සර් ලු."

"මට නම් ඒක හිතිලා තිබුනේ.අපිට මූන පේන් නැති උනාට සර්ගේ වොයිස් එක එච්චර ලස්සනයි නම් මූන කොහොම ඇතිද කියලා."

"ඒකනේ හිනා වෙද්දි තමයිලු ගොඩක්ම ලස්සන.හාවෙක් වගේලු.සුදුම සුදුයිලු.ඇස් වටකුරුයිලු,අයි ලෑෂස් දිගයි ලු,ලිප්ස් ස්ට්‍රෝබෙරි පාටලු.ලිප්ස් වලට යටින් mole එකක් තියෙනවලු."යැන්ලි එයාගේ යාලුවෙක් චාන්ගේ පෙනුම විස්තර කරපු විදිය කියවන්න ගත්තා.යැන්ලි තමයි ඔය විදියට ඕප දූප හොයන් ඇවිත් යුනිවර්සිටි එකේ වෙන දේවල් එයාගේ ක්ලාස් එකේ අනිත් ලමයින්ට කියන්නේ.

"ශිට් කොහෙද ඉතින් අපිට පින නෑ නේ.මූනක්වත් දකින්න."

දිනපතා පංතියේ ලමයි අතරේ ඇති වෙන මේ වගේ සංවාද යීබොට හොදට හුරුයි.ඒවට කවදාවත් යීබොගේ අවදානය යොමු උනේ නෑ.යැන්ලි නම් නිතරම ඔය වගේ ලස්සන කොල්ලො ගැනයි,සර්ලා ගැනයි අනිත් dept වල ඉන්න යාලුවන්ගෙන් අහන් ඇවිත් විස්තර එයාගේ ක්ලාස් එකේ අනිත් යාලුවන්ට කියනවා.යැන්ලි මීට අවුරුදු 3 1/2කට විතර කලින් ඔය විදියටම art එකට ඇවිත් ඉන්නවා ලස්සන කොල්ලෙක් කියලා කිව්ව කෙනෙක් තමා යීබො කියන්නේ.යීබො මුලින්ම අවුරුදු 3 1/2ට විතර කලින් යුනිවර්සිටි ආවේ art එකේ නෝමල් ස්ටුඩන්ට් කෙනෙක් විදියට.යීබොගේ perfect පෙනුමයි දක්ෂකමුයි නිසාම යීබෝ ලමයි අතරේ ගොඩක් ෆේමස් උනා.ඒත් first year එකේ මාස 6ක් විතර ගියාට පස්සේ අවාසනාවන්ත විදියට ඇක්සිඩන්ට් එකක් නිසා යීබොගේ පෙනීම අහිමි උනේ.

𝕎𝕙𝕚𝕤𝕡𝕖𝕣𝕤 𝕠𝕗 𝕃𝕠𝕧𝕖      [Zhanyi ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ] SinhalaWhere stories live. Discover now