Chapter 12

848 273 85
                                    

පුරුදු විදියට සෙනසුරාදා උදේ 10 වෙද්දි චාන් යීබොගේ ගෙදරට ආවා.චාන් සෙනසුරාදා උදේම ෂැංහයි ඉදන් ආවේ යීබොගේ මූන බලන්න ඕනේ නිසා.හිතේ මොන තරම්
දුකක් වේදනාවක් තිබුනත් ඒ හැමදේම නැති වෙලා හිත සැහැල්ලු වෙන්නේ යීබොගේ මූන දැක්කම.ඒ සුන්දර හිනාව දැක්කම.ඉතින් ගමන් මහන්සියත් පැත්තකින් තියලා චාන් එයාගේ apartment එකට ආව ගමන් wash එකක් දාගෙන ලැහැත්ති උනේ යීබොව ගන්න යන්න.

චාන් යීබොගේ අම්මට එනවයි කියලා කලින් කෝල් කරලා තිබුන නිසා යීබො jianguo ත් එක්කම ලැහැත්ති වෙලයි හිටියේ.චාන් ආවට පස්සේ යීබොගේ අම්මා jianguo ගේ කූඩුවයි අනිත් බඩුයි එක්කම චාන්ගේ කාර් එකේ පිටිපස්සේ සීට් එකෙන් තිබ්බා.චාන්ගේ මූන දැක්කම යීබොගේ අම්මටත් තේරුනා ගමේ ගිය දවස් දෙකේ මොකක් හරි දෙයක් සිද්ද වෙලා කියලා.මොකද චාන්ගේ මූන සුදුමැලි වෙලා,ඇස් රතු වෙලා,මූන ටිකක් ඉදිමිලා තිබුනා.වේදනාව,කලකිරීම,මහන්සිය වගේ ගෙඩක් දේවල් ඒ මූනේ ලියවිලා තිබුනා.

යීබොත් ගිහින් චාන්ගේ කාර් එකට නැග්ගා.ඒත් චාන් දැක්කා යීබොගේ මූන වෙනස් වෙලා කියලා.හරියට නිකන් චාන් කැම්පස් එකට ආපු මුල් දවස් වල වගේ හැගීමක් දැනීමක් නැති අයිස් කන්දක් වගේ යීබොගේ මූනේ තිබුනේ හරිම සීතල පෙනුමක්.

"සර් අනුකම්පාවට මට සලකපු විදිය මන් තමා වැරදියට හිතට ගත්තේ.සර් ඇත්තටම ගුරුවරයෙක් විදියට මට උදව් කරා විතරයි.මන් මොනවද ඒත් ඒ වෙනුවට හිතුවේ? මට ඇත්තටම පිස්සු.ඒ මදිවට සර් බැදපු කෙනෙක්.කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි සර් බැදපු කෙනෙක්.මට මන් කවුද කියලා අමතක උනා සර් ලගදි.මන් මොන වගේ අසරණ කෙනෙක්ද කියලා අමතක උනා සර් මට ආදරෙන් සලකද්දි.මගේ තමා සම්පූර්ණ වැරැද්ද.දැන් ඉදන් තමන් කවුද කියලා මතක තියා ගන්න යීබො.තමන්ට තියෙන්නේ මොන වගේ තැනක්ද කියලා මතක තියා ගන්න."
චාන් මැරි කරපු කෙනෙක් කියලා දැන ගත්ත ගමන් හිතේ ඇති වෙනකන් අඩලා අඩලා යීබො අන්තිමෙට හිතා ගත්තෙ එහෙම.

යීබො ආසම කරන චාන්ගේ rosewood සුවද හමුවේ,චාන්ගේ ස්පර්ශය හමුවේ, චාන්ගේ ආදරණීය කටහඩ හමුවේ ඇත්තටම මෙච්චර කල් යීබො නිකන් ලව් සික් පපී කෙනෙක් වගේ දියවෙලා ගියා.ඒත් අදින් පස්සේ එහෙම නොවෙන්න වගබලා ගන්න යීබො තරයේ හිතට ගත්තා.යීබොට හිතුනේ දැනට තියෙන එකම විසදුම ඒක කියලයි.

𝕎𝕙𝕚𝕤𝕡𝕖𝕣𝕤 𝕠𝕗 𝕃𝕠𝕧𝕖      [Zhanyi ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ] SinhalaOnde histórias criam vida. Descubra agora