Chapter 27

852 243 59
                                    

චාන් රෑට කාලා ඇදට යන්න හැදුවා විතරයි චාන්ට ඇහුනා කවුරු හරි බෙල් කරන සද්දේ.චාන් මේ වෙලාවේ කවුද කියලා කල්පනා කරන ගමන් ගිහින් දොර ඇරියා.

"බෝදී..."
චාන්ගෙ පපුව පිච්චුනේ යීබොගේ මූන දැකලා.යීබොගේ සුන්දර මූන dark circles නිසා ඇස් වටේ කලු වෙලා.චාන්ට හිතුනේ මේ සතිය ඇතුලත යීබො කෙට්ටු වෙලාම ගිහින් කියලයි.

"ග'ගා I'm sorry."
යීබො ඇවිත් පුරුදු විදියට චාන්ගේ බෙල්ලේ එල්ලුනා.

"මන් හැසිරුන විදිය අන්තිම නරකයි.ග'ගා මන් වෙනුවෙන් කොච්චර දේවල් කරාද? හැමදේම කරේ ග'ගා මන් වෙනුවෙන්.මගේ ඇස් දෙක පවා සනීප කරේ ග'ගා කියලා මන් දන්නවා."
චාන් පුදුම උනා.යීබො ඒක කොහොමද දැන ගත්තෙ කියලා.
චාන් ඒක කවදාවත් යීබොට දැන ගන්න තිබ්බේ නෑ.

"ඔයා ඔයාගේ යාලුවා යූබින්ගේ උදව්වෙන් මට donor කෙනෙක් හොයා ගෙන තියෙන්නේ.ඒ වගේම ඒ පවුල ගොඩක් දුප්පත් නිසා ඔයා ඒ පවුලෙ ඉන්න අනිත් ලමයගේ සම්පූර්ණ අද්‍යාපන වියදම් භාරගෙන."

"බෝ බෝ කවුද ඔයාට ඕවා කිව්වේ?"
යීබො චාන්ගේ තුරුලෙන් මිදිලා ඒ ඇස් දිහා බැලුවා.

"ඔයාට අමතක උනාද චන්ගා මගේ doctor යැන්ලිගේ තාත්තා කියලා."

"හපූ මේ කෙල්ල.මන් කිව්වා කියන්න එපා කියලා එදා ඔයාගේ සර්ජරි එකෙන් පස්සේ එයා ඔයාව බලන්න හොස්පිටල් ආවම."

"කිව්වා නෙවෙයි බැන්නා.මන් මූන එල්ලන් ඉන්නවා දැකලා මොකද උනේ ඇහුවා.මන් ඉතින් ඇත්තම කිව්වම මට ඔය ඔක්කොම කිය කිය බැන්නා.ග'ගා කැම්පස් ආපු මුල් කාලෙ ඉදන් මන් ගැන හොයලා බැලුවා කිය කිය.ඇයි කියන්න මට ඒ ගැන කිව්වේ නැත්තෙ?"

"ඒක ඉතින් ලොකු දෙයක් නෙවෙයිනේ.මෙහෙමයි යූබින් වැඩ කරන හොස්පිටල් එකට ඇක්සිඩන්ට් එකක් වෙලා ඒ ලමයාව ගෙනල්ලා තිබ්බේ.ගේද්දිත් මොලේ මැරිලලු.ඉතින් මැෂින් වලින් ඉදලා තියෙන්නේ.ඔය හොස්පිටල් එකේම අමාරු ලෙඩෙක් ඉදලා heart එකක් බද්ද කරන්න. ඉතින් යූබින් අනිත් ඩොක්ටර්ස්ලත් එක්කත් එකතු වෙලා භාරකාරයෝ එක්ක කතා කරලා.අම්ම කැමති උනාට තාත්තා කැමති වෙලා නෑ එයා indian කෙනෙක්. එයාලගේ චාරිත්‍ර තියෙනවා කියලා. ඒත් අන්තිමෙට කොහොම හරි කැමති කරගෙන.ජීවිත 2ක් බේර ගන්න නිසා.එයාලා ඒ තාත්තට බද්ද කරන්න heart එකක් හොයන පොඩි ලමයවත් පෙන්නන්න එක්කන් ගිහින්.එයාවත් දැකලා ඒ තාත්තට ගොඩක් දුක හිතිලා.මොකද ඒ ලමයාත් දවස් 2ක් ඇතුලත් හදවත් සැත්කම කරේ නැත්තන් මැරෙනවා කියලා ඉදලා තියෙන්නෙ. ඒ ලමයාගේ දෙමව්පියොත් දෑත් එකතු කරලා පිං දීලා එයාලට. ඉතින් හවස මායි සීයයි යූබිනුයි එයාලව හම්බෙන්න එයාලගේ ගෙදරට ගියා.පොඩි ගෙයක් හරි දුප්පත් එයාලා.අපි උදව් කරන්නමයි ගියේ.කන්න බොන්නත් නැති තරම්.මැරුන කෙනාට පොඩි මල්ලි කෙනෙක් ඉන්නවා.ඉතින් මන් භාර ගත්තා ඒ පොඩි එක්කෙනාට උගන්නන්න. එයාව මන් බෙයිජින් වල තියෙන හොදම ස්කූල් එකට දැම්මා.අපේ සීයාත් මාත් එක්ක එකතු වෙලා එයාගේ higher studies වල වියදම් ඔක්කොම භාර ගත්තා.ඉතින් අපිටත් පිනක්නේ එහෙම දරුවෙක්ට උදව් කරන්න ලැබුන එක.එයාලා මුලින් ඒකට විරුද්ද උනා.මේවා බලන් නෙවෙයි කරේ කියලා.ඒත් අපේ සීයා ඔය වගේ උදව් කරන පලවෙනි ලමයා නෙවෙයි කිව්වම එයාලා අන්තිමෙට කැමති උනේ.අපේ සීයා ලමා නිවාසවල ඉගෙන ගන්න ලමයින්ට ඔය වගේ higher studies වලට උදව් කරනවා.දැනට මේ ලමයත් එක්ක 5ස් දෙනෙක්ගේ වියදම් එයා බලනවා.අපේ සීයා එයාලට photos හිටන් පෙන්නුවා ඒ ලමයින්ගේ.ඊට පස්සේ කැමති උනේ.එයාලා හරි සතුටු උනා ඉතින්.ඇත්තටම බෝදී එයාලා අකමැති උනා නම් අර heart එකේ ප්‍රශ්නේ තිබ්බ පොඩි දරුවව බේර ගන්න බැරි වෙන්න තිබුනා.ඒ ගෙදර අයත් බලද්දි ඇවිල්ලා එයාලව බලලා යන්න.එයාලට නම් අපි කරා වගේ කරන්න වත්කමක් නැති උනත් එයාලාත් සැරින් සැරේ ඇවිත් හොයලා බලයි.මොකද එයාලගේ එකම දරුවා ජීවත් වෙන්නේ එයාලා නිසානේ."

𝕎𝕙𝕚𝕤𝕡𝕖𝕣𝕤 𝕠𝕗 𝕃𝕠𝕧𝕖      [Zhanyi ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ] SinhalaWhere stories live. Discover now