Chapter 25

891 248 59
                                    

චාන් ලොකු හුස්මක් ගත්තා.එන දේකට මූන දෙනවා.අන්තිමෙදි චාන් හිතා ගත්තා.

"ඔයා ඒක දැනටමත් දන්නවා බෝදී."
චාන් කිව්වේ බිමට යොමු කර ගත්ත දෑසින්.යීබොගේ පපුව පිච්චුනා.එයා හිතුවා හරි.එයා වැරදියට හිතන් ඉදලා නෑ.චානුත් එයාට ආදරෙයි.

"ඇයි එහෙනම් ඔයා ඒ ගැන මට කියන් නැත්තේ?"

"ඒකත් ඔයා දැනටමත් දන්නවනේ බෝදී."
චාන්ගේ බිදුනු කටහඩ ඇහෙද්දී යීබොට දැනුනා චාන්ගේ වේදනාව.මොකද චාන්ට තරමටම එයාටත් ඒක දැනෙනවා.

"ඒත්...ඒත්...මට ඒක ඔයාගේ කටින් අහන්න ඕනේ නම්... ඒත් ඔයා ඒක මට කියන් නැද්ද? මන් කිව්වොත් ගගා ඒක කියනකන් මන් බලන් ඉන්නවා කියලා...ඒත් මට ඔයා ඒක කියන් නැද්ද?"

චාන් දැක්කා යීබොගේ ඇස් වල කදුලු එලියට පනින්න පොර කන විදිය.තව නම් බෑ.දැන් හොදටම ඇති.අනාගතේ වෙන දේවල් ගැන පස්සේ බලාගමු.දැනට වර්තමානේ ජීවත් වෙනවා.තාම ලබලා නැති අනාගතයක් ගැන හිතලා බොරුවට වර්තමානේ තියෙන සතුටත් නැති කර ගන්නේ මොකටද? දැන් සතුටින් හිටියොත් අනාගතේ ඒ ගැන තිබුන සතුටු මතකයන් හරි ඉතුරි වේවි.

චාන් යීබොගේ බෙල්ල පිටිපස්සෙන් අල්ලගෙන එයා වෙතට ඇදලා අරන් ඒ දෙතොල් සිප ගන්න පටන් ගත්තා.මෙච්චර කල් හිතේ හිර කරන් හිටපු හැගීම් ඔක්කොම එලියට දාන ගමන් චාන් උමතුවෙන් වගේ ඒ දෙතොල් සිප ගත්තා.යීබොත් චාන්ගේ ගෙල වටේ දෑත් බැදගන්න ගමන් කිස් එක රිටන් කරා.විනාඩි 5ක් විතර උමතුවෙන් වගේ දෙන්නම ඒ දෙතොල් අතරේ අතරමං වෙලා හිටියා.චාන් කිස් එක බ්‍රේක් කරේ යීබොගේ හුස්ම හිර වෙලා කියලා තේරෙද්දි.හැබැයි ඒ යටි තොලේ පොඩි සැපුමක් තියන්න චාන් අමතක කරේ නෑ.

"මට ඕනේ උනා අපි දෙන්නගේ 1st kiss එක අමතක නොවෙන එකක් වෙනවට."
චාන් කිව්වේ එයාගේ සැපුම නිසා ලේ රතු වෙලා තියෙන යීබොගේ යටි තොල ඇගිල්ලෙන් අත ගාන ගමන්.දැනටමත් එතන චූටි තුවාලයක් තිබ්බා.

දැනටමත් එතන චූටි තුවාලයක් තිබ්බා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝕎𝕙𝕚𝕤𝕡𝕖𝕣𝕤 𝕠𝕗 𝕃𝕠𝕧𝕖      [Zhanyi ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ] SinhalaWhere stories live. Discover now