ඩොක්ටර් යීබොගේ බැන්ඩේජ් එක ගලවලා අයිනට උනා.මේ වෙලාවේ patient ට මුලින්ම එයාලගේ පවුලේ අය දකින්න දෙන එක තමයි ඩොක්ටර්ස්ලා හැමවෙලේම කරේ.
"මමා..."
යීබො මුලින්ම දැක්කේ එයාගේ ඇද ලගම කදුලු පුරවන් ඉන්න මමාව.යීබො අම්මගේ කම්මුලක් අත ගෑවා."ඔයා මේ අවුරුදු 3ට ඕනේවට වඩා වයසට ගිහින් නේ.කොන්ඩෙත් සුදු වෙලා..."
යීබොගේ අම්මා අඩාගෙන යීබොව වැලදගත්තා.යීබොත් අම්මව තද කරලා බදාගත්තේ එයාගේ ඇස් වලිනුත් කදුලු ගලද්දි."මන් දන්නවා මේ වෙලාව ගොඩක් emotional කියලා.ඒත් යීබො ඔයා අඩන්න හොද නෑ."
ඩොක්ටර් ඉක්මනට කිව්වා.ඒක ඇහුම ගමන් යීබොයි අම්මයි දෙන්නම අඩන එක නැවැත්තුවා."මම යීබොව චෙක් කරන්න තව ටිකකින් එන්නම්.අඩන්න එපා.මොකක් හරි අපහසුවක් දැනෙනවා නම් මට කතා කරන්න."
ඩොක්ටර් එලියට ගියේ මේ වගේ හැගීම්බර මොහොතක
පවුලේ අය එක්ක සතුට බෙදා ගන්න ඉඩ දෙන්න ඕනේ නිසා.යීබො අම්මගෙන් මෑත් වෙද්දි කදුලු අතරින් අපැහැදිලි රුවක් එයාට බොද වෙලා පෙනුනා.කලින් දැකලා නෑ තමයි.ඒත් ඒ කවුද කියන්න යීබො දන්නවා.යීබො ඇස් වල කදුලු පිහිදන් එක එල්ලේ එයා දිහා බැලුවා.
චාන්ගේ කට තිබ්බේ කන් දෙකේ.ඒ තරම් ලොකු හිනාවක් එක්ක චාන් යීබො දිහා බලන් හිටියා.චාන්ගේ කෙස් රොදක් නලලට වැටිලා තිබ්බා.චාන්ට තිබුනේ කිරි පාට සමක්.සෘජු නහයක් ඒ වගේම එයාගේ පෙනුම තවත් වැඩි කරන්න දෙතොලට යටින් තිබුනු mole එක.ඒකෙන් එයාට සරාගී සුන්දරත්වයක් ලැබිලා තිබුනා.අම්මා චාන් ගැන විස්තර කරපු විදිය හරියටම හරි.එයාට තිබුනේ බනී හිනාවක්.ඒත් යීබොට කියන්න පුලුවන් එයා දැනට මේ ලෝකේ දැකලා තියෙන ලස්සනම හිනාව ඒක කියලා.චාන් ඇදන් හිටියේ casual ඇදුම් නිසා එයාගෙන් තිබුනෙ ගොඩක් දගකාර පෙනුමක්.චාන්ගේ දිග කකුල් දැක්කම නම් යීබොට හිතුනේ එයාට වඩා චාන් උස ඇති කියලා.යීබොට මතකයි චාන් නිදියන් ඉද්දි එයාගේ මූනේ දිග පලල මැන්න විදිය.අහන්න දෙයක් නෑ යීබොට චාන්ගේ මූනේ හැම detail එකක්ම මතකයි.ඒත් යීබො කීයටවත් හිතුවේ නෑ චාන් මෙච්චර handsome ඇති කියලා.මේ තමයි ඉතින් අම්මටයි තාත්තටයි පස්සේ යීබොගේ ජීවිතේ වැඩිම තැනක් තියෙන සොදුරු මිනිසා.යීබො ඒ සොදුරු රුවට මෝහනය වෙලා වගේ හිටියේ.
![](https://img.wattpad.com/cover/283542281-288-k323097.jpg)
YOU ARE READING
𝕎𝕙𝕚𝕤𝕡𝕖𝕣𝕤 𝕠𝕗 𝕃𝕠𝕧𝕖 [Zhanyi ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ] Sinhala
FanfictionI can't see...But I can hear his whispers of Love...❤️💚