Chapter 11

861 269 106
                                    

යීබො එදා හවස ලෙක්චර්ස් ඉවර වෙලා පුරුදු විදියට ගෙදර ගියේ මාමත් එක්ක.

"ආ..කවුරු හරි ඇවිත් වගේ.කාර් එකක් නවත්තලා තියෙනවා."
යීබොගේ මාමා එයාගේ කාර් එක යීබොගේ ගේ ඉස්සරහා නවත්තලා කිව්වේ තව කාර් එකක් ගේ ඉස්සරහා නවත්තලා තියෙනවා දැකලා.

"කවුද දන් නෑ.අම්මා වැඩ ඇරිලා ඇවිත් නැත්තන් පොඩ්ඩක් කවුද බලන්න එන්නකෝ මාමේ."

"අම්මා ඇවිත් ඉන්නේ පුතේ.මට කෝල් කරා අද එයාට night නෑ කියලා."

"ආ එහෙනම් කමක් නෑ.මන් යන්නම් මාමේ.පරිස්සම්න් යන්න."
චාන් මාමගෙන් සමුඅරන් ගෙට ගියා.

"ඤාව්.."
යීබො ගෙට යද්දිම ඇහුනේ පූසෙක්ගේ සද්දයක්.

"ඈ කොහෙන් ආපු පූසෙක්ද ඒ?"

"පුතේ ඔයා ආවද?."

"මමා.."

"වාඩි වෙන්න."
යීබොගේ අම්මා යීබොව සෝෆා එකේ වාඩි කරද්දිම යීබොට එයා ආසම පුරුදු rosewood සුවද දැනුනා.

"චාන් සර්?"

"ම්ම්...උදව්වක් ඉල්ල ගන්න ආවේ."

"මොකක්ද සර්?"

"මට හදිස්සියක් වෙලා ගමේ යන්න වෙනවා.මන් එනකන් jianguo ව බලා ගන්න පුලුවන්ද?ලොකු උදව්වක්."

"අනේ හා."
චාන් jianguo ට girlfriend වගේ සලකනවා දැක්ක නිසා යීබොගේ හිතේ කොනක jianguo ගැන ඉරිසියාවක් තිබ්බත් පුලුන් බෝලේ වගේ ඉන්න එයාට ඇත්තටම යීබො ගොඩක් ආස උනා.

"ඒත් මේ..සර් දවස් කීයකටද යන්නේ?"
යීබො ඇහුවේ දැනටමත් චාන් යනවා කිව්ව නිසා හිත පුරාවට අමුතු පාලුවක් දැනෙද්දි.

"පුලුවන් ඉක්මනට එන්න යන්නේ යීබො.දවස් ගාන හරියටම කියන්න අමාරුයි.මන් යැන්ලිට assignment ටිකක් දුන්නා.මන් නැති නිසා මගේ period එකේ එයා ඒ ටික දෙයි."

"සර් පියානෝ ක්ලාස්?"

"මන් සෙනසුරාදාට කලින් එන්න යන්නේ.මන් ඔයාට කෝල් එකක දෙන්නම්කෝ ඒ වෙද්දි එන්න උනේ නැත්තන්."
චාන් එහෙම කිව්වම යීබොගේ මූන මැලවිලා යන විදිය චාන් වගේම යීබොගේ අම්මාත් දැක්කා.චාන් යීබොගේ ඔලුවත් අත ගාලා ටක් ගලා ආපහු ගියේ 7 ට කලින් train එක අල්ල ගන්න station එකට යන්න ඕනේ නිසා.

𝕎𝕙𝕚𝕤𝕡𝕖𝕣𝕤 𝕠𝕗 𝕃𝕠𝕧𝕖      [Zhanyi ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ] SinhalaWhere stories live. Discover now