Chapter 2

1.2K 280 54
                                    

චාන් art faculty එකේ හෙඩ් ගේ කැබින් එකට ගියා.

"හෙලෝ චාන් සර්.වෙල්කම්."
චාන් ඇතුලට එද්දිම වගේ මිස්ටර් වෙන් කිව්වා.මිස්ටර් වෙන් තමා art faculty එකේ හෙඩ්.එයා senior lecturer කෙනෙක්.

"Thank you Mr.Wen."
චානුත් අතට අත දෙන ගමන් කිව්වා.
චාන් එයාගේ documents file එක මිස්ටර් වෙන් ට දුන්නා.මිස්ටර් වෙන් ඒ documents ටික චෙක් කරලා චාන්ව එක්කන් ගියේ එයාගේ කැබින් එකට.

"චාන් අපේ faculty එකේ music කරන lecturers ලා 5ක් ඉන්නවා.ඒ පස් දෙනා අතර අපි time table බෙදලා දීලා තියෙන්නේ ඔයාලට තියෙන classes.ඔයා දන්නවා ඇතිනේ අපේ ඉන්න ලූ කියලා මිස් කෙනෙක් ලබන සතියේ maternity leave යනවා.ඒ වෙනුවට තමයි ඔයා probationary ඉන්නේ.ඒ නිසා ඒ මිස් ලූ ගේ time table එක තමයි ඔයාට ලැබෙන්නේ.මන් ඒ මිස්ට චාන්ව හදුන්වලා දෙන්නම්.මේ සතියේ එයත් එක්කම එයා කරන ලෙක්චර්ස් වලට සහභාගී වෙන්න.මොකද කියලා කියනවා නම් ඔයාට special education department එකෙත් music උගන්නන්න තියෙනවා.ඒක අපි විශේෂ ක්‍රමවේදයකට අනුව කරන්නේ.ඒ හැමදේම මිස් ලූගෙන් අහගන්න.මොකද ඒ විශේෂ අවධානයක් දෙන්න ඕනේ දරුවො නිසා.අද ඉදන් මිස් ලූ එක්ක ලෙක්චර්ස් ගියහම එයා ඔයාව ලමයින්ට හදුන්වලා දෙයි.ලබන සතියේ ඉදන් එයා වෙනුවට ඔයා උගන්නන්නෙ කියලා."

මිස්ටර් වෙන් චාන්ව එයාගේ කැබින් එකට එක්ක යන අතරතුර කිව්වා.චාන්ගේ කැබින් එක මිස් ලූගේ කැබින් එකට එහා පැත්තෙම එයාලා හදලා තිබ්බේ ඒ දෙන්නටම එකට ලෙක්චර්ස් වලට යන්න තියෙන නිසා.මිස්ටර් වෙන් චාන්ව මිස් ලූට හදුන්වලා දුන්නා.මිස් ලූ ගොඩක් ප්‍රියමනාප කෙනෙක්.එයා චාන්ව වාඩි කරන් හැමදේම පැහැදිලි කරා.

"චාන් සර්.මේ සතියේ මාත් එක්ක ලෙක්චර්ස් යමු.මන් දරුවන්ට ඔයාව හදුන්වලා දෙන්නම්.මන් ලෙක්චර්ස් කරන විදිය ඔයා බලන් ඉන්න.විශේෂයෙන් ඔයා බලා ගන්න ඕනේ special education department එකේ දරුවන්ට උගන්වන විදිය.අපිට භාර වෙලා තියෙන්නේ දෘශ්‍යාබාධිත (visually impaired) දරුවො ටික විතරයි.අනිත් දරුවන්ට වෙන සර් කෙනෙක්ව පිටින් ගෙන්නනවා.කියන්න කණගාටුයි චාන් සර් මියුසික් ගුරුවරු කිසිම කෙනෙක් ඒකේ ලෙක්චර්ස් කරන්න කැමති උනේ නෑ මන් ඇරෙන්න.අඩු ගානේ මන් නිවාඩු දවසකටවත් කවුරුත් වැඩක් දෙන්නවත් යන් නෑ.ඇයි එයාලත් අනිත් ලමයි වගේ ලමයි නෙවෙයිද? උගන්නද්දි පොඩ්ඩක් වැඩි පුර මහන්සි වෙන්න ඕනේ තමයි ඉතින්.නෝමල් දරුවන්ට උගන්නනවා වගේ බෑ නේ.චාන් සර් ගියාට පස්සේ තේරෙයි.කොච්චර දක්ශ දරුවෝ ඉන්නවද කියලා.ඒත් කිසිම කෙනෙක් ඒ දරුවන්ට අවදානය දෙන් නෑ."
මිස් ලූ කිව්වේ කලකිරීමෙන්.

𝕎𝕙𝕚𝕤𝕡𝕖𝕣𝕤 𝕠𝕗 𝕃𝕠𝕧𝕖      [Zhanyi ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ] SinhalaWhere stories live. Discover now