Chapter 3

1K 293 55
                                    

ඔහුගේ විසිරුනු කොණ්ඩය,කිරිගරුඩ පැහැති සම,දිගැටි දෑස්,සෘජු නාසය,පිරිපුන් රෝස පැහැති දෙතොල් චාන්ට ඒ රුව දැක්කම නම් හිතුනේ ඔහු සර්ව සම්පූර්ණයි කියලයි.
ඒත් චාන්ගේ හදවත වේදනා දුන්නේ පෙනුමෙන් කොතරම් සම්පූර්ණ උනත් මෙතන සිටින සියලු දරුවන්ගේ මෙන්ම ඔහුගේත් ලෝකය අදුරුයි නේද කියලා මතක් වෙලා.

චාන් ඇසි පිය නොහෙලා ඒ සුන්දර වත දිහා බලන් ඉද්දී මිස් ලූ පුරුදු විදියට ලෙසන් එක පටන් ගත්තා.චානුයි මිස් ලූයි හිටියේ නෝමල් ලෙක්චර් එකක වගේ ලමයින්ට ටිකක් දුරින් නෙවෙයි.ලමයින්ගේ ටේබල්ස් වලට ගොඩක්ම ලංවෙලා.

"Good afternoon my dear children"

"Good afternoon madam Lu"

"අද ලෙසන් එක පටන් ගන්න කලින් ඔයාලට හදුන්වලා දෙන්න කෙනෙක් ඉන්නවා.ලබන සතියේ ඉදන් මන් වෙනුවට ඔයාලට උගන්නන්නේ අලුත් සර් කෙනෙක්."
මිස් ලූ එහෙම කියද්දී ලමයින්ගේ මූනු ටික මැලවිලා ගියා.

ඒකට හේතුව මේ වෙද්දිත් චාන් දැනගෙන හිටියා.මේ වගේ දරුවන්ට ගුරුවරු තෝරද්දී හරිම පරිස්සමින් තමයි department heads ලා ඒක කරේ.ඒකට හේතුව මේ වගේ දරුවන්ට උගන්නන්න ඉක්මනට තරහ යන ඉවසීම නැති ගුරුවරු යෙදුවොත් වෙන්නේ ලොකු හානියක්. ඒ නිසා ඉවසීම තියෙන කැපවීමෙන් වැඩ කරන්න පුලුවන් ගුරුවරු විතරයි එයාලා පත් කරේ.ඒකත් ඒ ගුරුවරයාගේ කැමැත්ත තියෙනවා නම් විතරයි. ඉතින් මිස් ලූ කියන්නෙත් ඒ වගේ කෙනෙක්. මිස් ලූ ට හැම ලමයෙක්ම වගේ ආදරේ කරේ ඇගේ තියෙන ප්‍රියමනාප ගතියට වගේම විනෝදකාමී ගතිය නිසා.ඒ වගේම ඇය කිසිම ලමෙක්ට වෙනස් විදියට සැළකුවේ නෑ.ඉතින් මේ ලමයි ටික බය උනේ මිස් ලූ ගියාට පස්සේ එයාලට ඉන්න සර් මොන වගේ කෙනෙක් වෙයිද කියලා නොදන්න නිසා.

"බය වෙන්න එපා ලමයි.චාන් සර් හරිම හොද කෙනෙක්.මන් වගකීමෙන් කියනවා.ඔයාලා මට වඩා එයාට කැමති වෙයි."
මිස් ලූ එහෙම කියද්දි නම් ලමයින්ගේ මූනු ආපහු මල් වගේ පිපුනේ එයාලගේ අලුත් ගුරුවරයා ගැන තව විස්තර දැන ගන්න ඕනේ කියන්න වගේ.

"මං අද ඒ සර්ව එක්කන් ආවා ඔයාලට හදුන්වලා දෙන්න."
මිස් ලූ චාන්ට ඔලුවෙන් ඇගෙව්වා එයාව හදුන්වලා දෙන්න කියලා.

𝕎𝕙𝕚𝕤𝕡𝕖𝕣𝕤 𝕠𝕗 𝕃𝕠𝕧𝕖      [Zhanyi ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ] SinhalaWhere stories live. Discover now