Chapter 8

887 272 44
                                    

චාන් යීබොගෙ අතින් ග්ලාස් එක අරන් ගියේ කුස්සියට.යද්දි යීබොගේ අම්මා උයනවා.

"අනේ පුතේ ඕක ඔහොම තියන්න හෝදන්න ඕනේ නෑ."

"නැන්දේ ඔයත් පොඩ්ඩක් rest කරා නම් හරි නේද නැත්තන් තවත් අමාරු වෙයි."

"උයලා ඉවර වෙලා ටිකක් නිදා ගන්නවා පුතේ."

"නැන්දේ මට යීබො පියානෝ ප්ලේ කරන්න ආසාවෙන්ලු නේද හිටියේ.මන් කිව්වා මගේ ගෙදර පියානෝ එකක් තියෙනවා උගන්නන්නම් ඕනේ නම් කියලා.එයා බලන්නම්කෝ කිව්වා."

යීබොගේ අම්මා දිගු හුස්මක් හෙලුවා.

"එයාගේ හැම හීනයක්ම ආසාවක්ම එයා දැන් යටපත් කරන් ඉන්නේ.එයා ඉස්සර වගේ හිටියා නම් මන් මාසයක් උනත් නිදා ගන් නැතුව වැඩ කරලා සල්ලි හොයලා එයාට ඕනේ දේවල් කරනවා.ඒත් එයා සම්පූර්ණයෙන් ජීවිතේම අත ඇරලා ඉන්නේ පුතේ.මන් දන් නෑ මගේ දරුවා කැම්පස් ගිහින් ඉවර උනාට පස්සේ මොනවා කරයිද කියලා.මට ඕනේ එයා ඉස්සර හිටියා වගේම සතුටින් සැහැල්ලුවෙන් ඉන්නවට.ඒත් ඒක කවදාවත් වෙන් නෑ.අඩු ගානේ එයාට කිසිම හීනයක්වත් නෑ ඉස්සර වගේ.ඔයා ජීවත් වෙන මල කදක් වගේ ඉන්නේ.කැම්පස් එකේ වැඩ ටික විතරයි හරියට කරන්නේ.පොඩ්ඩක් හරි එයාගේ හිත සැනසෙන්නේ ඔය ගිටාර් එක නිසා තමා."
යීබොගේ අම්මාගේ ඇස් වලින් කදුලක් වැටුනා.

"යීබො කියන්නේ දක්ෂ ලමයෙක්.එයා ඉස්සරත් දක්ශයි කියලා මට ආරංචි උනා.හැමදේම හරියයි.අපිට එයාව ඉක්මනටම හොද කර ගන්න පුලුවන් වෙයි."
මොනවා කියන්නද කියලා හිතා ගන්න බැරුව හිටපු චාන් අමාරුවෙන් ඒ ටික කිව්වේ යීබොගේ අම්මගේ හිත හදන්න.

බරවූ හිතින් යුතුව චාන් ආපහු යීබො ඉන්න තැනට ගියා.
කාත් එක්ක යීබො ගැන කතා කරත් හැමදාම අන්තිමෙට උනේ චාන්ගේ හිතට වේදනාව දැනෙන එක විතරයි.

චාන් එදා යීබොගේ අම්මාගේ පෙරැත්තට දවල්ටත් කාලයි යීබොලගේ ගෙදරින් ගියේ.

"මමා.."

"ම්ම්.."

"චාන් සර් මොන වගේද? මේ මන් ඇහුවේ සම්පූර්ණ විස්තරයක් එයාගේ පෙනුම ගැන.."
චාන් ගියාට පස්සේ යීබො එයාගේ අම්මාගෙන් ඇහුවා.යීබො එයාගේ යාලුවෝ චාන්ගේ පෙනුම ගැන කියවන දේවල් අහන් හිටියට එයාට ඕනේ උනා විස්තරාත්මකව ඒ ගැන අහ ගන්න.යීබොගේ අම්මත් මුලින් පුදුම උනා යීබො එහෙම අහද්දී.යීබො visually impaired උනාට පස්සේ කෙනෙක්ගේ පෙනුමක් ගැන කුතුහලයෙන් ඔය ඇහුවමයි.

𝕎𝕙𝕚𝕤𝕡𝕖𝕣𝕤 𝕠𝕗 𝕃𝕠𝕧𝕖      [Zhanyi ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ] SinhalaWaar verhalen tot leven komen. Ontdek het nu