Chapter 14

824 248 54
                                    

"සීයා හිතන්නේ එයාලා මාව මරන්න යනවා කියලද?"

"වෙන්නත් පුලුවන්.එයාලගේ plan එක හරි ගියේ නැත්තන්."
සීයා බැරෑරුම් විදියට කියද්දි චාන්ගේ ඇග කිලිපොලා ගියා.

චාන් සීයා දීපු file එක ඇරලා බැලුවා.ටික වෙලාවකින් චාන්ගේ දෑස් විසල් උනා.අතේ ඇගිලි එකට මිලි මෙලවුනා.චාන් දත්මිටි කන ගමන් හයියෙන් හුස්ම ගත්තේ එයාගේ ඉහ වහා ගිය කෝපය පාලනය කර ගන්න.

"That bitch!"

"සංසුන් වෙන්න දරුවෝ.ඔයා කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ මේ වෙලාවේ."
චාන් ටික වෙලාවකින් දත් මිටි කාගෙන කෝපය පාලනය කර ගත්තා.ඊට පස්සේ වතුර වීදුරුවක් අරන් බීගෙන බීගෙන ගියා.

ටික වෙලාවකින් ලුවිසුත් එයාලත් එක්ක එකතු උනා.ඉස්සරහට කරන්න ඕනේ මොනවද කියලා එයාලා චාන්ට පැහැදිලි කරා.

"සීයේ කුඩම්මා ගිහින් අයින් කරලා ආපු මිනිස්සු තුන් දෙනාව ආපහු ගන්න ඕනේ.එයාලා අහිංසක මිනිස්සු.ඒ එක්කෙනෙක්ගේ wife කෙනෙක් අපේ තේ වත්තේ තේ දලු කඩද්දි නයෙක් ගහලා මැරිලා.තව කෙනෙක්ගේ වයිෆ් කෙනෙක් අපේ අම්මා ඉන්න කාලේ ඉදන් අපේ ගෙදර වැඩ කරලා.අපේ අම්මාට මාව හම්බෙන්න අමාරු වෙලා තියෙන්නේ ගෙදරදි.එතකොට ඒ ගෑනු කෙනයි ආච්චි අම්මයි තමා මමාව හොස්පිටල් ගෙනියලා තියෙන්නේ.අහිංසක මිනිස්සු.හම්බකරන් කන්නේ ලමයින්ට උගන්නන්නේ ඔය රස්සාව නිසා.ඒ මිනිස්සු මන් පොඩි කාලේ ඉදන් මට ලැදියි.අපේ නඩු හබ නිසා ඒ අහිංසක මිනිස්සු විදවන්න ඕනේ නෑ නේ."
හැමදේම ඉවර උනාට පස්සේ චාන් සීයට කිව්වා.

"තව දවස් දෙකක් ඇතුලත මේ හැමදේම විසදෙනවා.එයාලව අපි එයාලා ඉන්න ඕනේ තැනට යවනවා.ඊට පස්සේ පුතාට ඕනේ දෙයක් කරන්න පුලුවන්."
සීයා කිව්වේ චාන්ගේ හිස ආදරෙන් අත ගලා.චාන්ට තිබුනේ අහිංසක මිනිස්සුන්ට පුලුවන් විදියට උදව් කරන,කාට හරි කරදරයක් උනහම ඉක්මනින් හිත උනු වෙන කරුනාවන්ත හදවතක්.ඒ නිසා චාන් එක්ක හරි ඉක්මනින් ඕනේ කෙමෙක් ලෙංගතු උනා. චාන්ට එයාලට තේ වතුවල වගේම තේ ෆැක්ට්‍රි එකේ වැඩ කරන සේවකයෝ පවා හරිම ලැදි ඒ නිසයි.

ලුවිස් එක්කයි සීයා පපා එක්කයි එයාලගේ plan එක ගැන කතා කරලා චාන් ආවේ එයාගේ සීයා එයාට නිදාගන්න දීපු කාමරේකට.චාන් කාමරේ ඇතුලට ඇවිත් light දැම්මට පස්සේ තමා දැක්කේ ඒ කාමරේ බිත්ති පුරාම තියෙන්නේ එයාගෙයි අම්මාගෙයි photos කියලා.චාන්ගේ චූටි කාලේ ඉදන් මේ වෙනකන් photos ඒ කාමරේ බිත්ති පුරා තිබුනා.චාන් මෙච්චර කල් හිතන් හිටියේ එයා තනිවෙලා කියලා.බලද්දි එයාට පණ වගේ ආදරේ කරපු සීයා කෙනෙක් ඉදලා.චාන්ගේ දෑස් ආපහු කදුලින් තෙත් උනේ සීයාගේ ආදරේ මතක් වෙලා.එයා තනි වෙලා නෑ කියලා මතක් වෙලා.

𝕎𝕙𝕚𝕤𝕡𝕖𝕣𝕤 𝕠𝕗 𝕃𝕠𝕧𝕖      [Zhanyi ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ] SinhalaWhere stories live. Discover now