Chapter 18

837 274 59
                                    

"සීයේ මමාව බලන්න යමු අපි.මට යන්න කලින් මමාව බලන්න යන්න ඕනේ."

"ම්ම්...‍යමු.මන් අන්තිම වතාවට උබේ අම්මව බලන්න ගිය දවසේ පොරොන්දු උනා එයාට මෙහෙම කරපු අයට දෙන්න ඕනේ දඩුවම දීලා මිසක් ආපහු එයාව බලන්න එන් නෑ කියලා.ඒ නිසා දැන් බය නැතිව යන්න පුලුවන්."

දවල්ටත් කාලා හිටපු නැති චාන් සීයගේ පෙරැත්තටම කෑම ටිකකුත් කාලා ලැහැත්ති උනා.දෙන්නම චාන්ගේ මමාගේ සොහොන ලගට ගියා.අරන් ආව මල් පොකුරත් සොහොන් කොත ලගින් තියලා චාන් දණගහ ගත්තා.

"මමා ඔයා හොදින් ඉන්නවද? සමාවෙන්න ඔයාගේ පුතා ඔයාට උන කිසිම දෙයක් දැනන් හිටපු නැති එකට.මමාගේ පලිය මන් අර ගත්තා.මමාට සැනසීමෙන් ඉන්න පුලුවන්.දැන් මාත් හොදින් සීයාත් හොදින් ඉන්නවා.I miss you මමා."
චාන් මේ කියවන්නේ සොහොන් කොතේ ඇති මමාගේ photo එක පිහිදාන ගමන්.

.
.
.

"සීයේ මාත් එක්ක ජීවත් වෙන්න එන්නකෝ.මාත් එක්කම බෙයිජිං යමු.මට ඉන්නේ ඔයා විතරනේ අප්පා."
චාන් මේ කන්කෙදිරි ගාන්නේ උදේට යන්න බෑග් එක ලැහැත්ති කරන ගමන්.

"මට මෙහෙ දාලා එන්න බෑනේ පුතා.ඔයාගේ අම්මයි ආච්චි අම්මයි දෙන්නම ඉන්නේ මෙහෙනේ.ඒ නිසා මන්මෙහෙ දාලා යන්න කැමති නෑ.අනික ඔයා මේ දේවල් වලට කැමති නැති නිසා දැන් හැමදේම ගැන බලන්න එපැයි.මුන් කාලා විනාස කරපු factory එකේ ඉදන් හදන්න එපැයි.කොහෙද ඉතින් ඔයත් මේ දේවල් බලන් ඉන්න කැමති නෑ නේ.මන් එන්නම්කො ඇවිත් යන්න ලුවිස් එක්ක නිතරම.හරිද."
සීයා කිව්වේ චාන්ගේ ඔලුව අත ගාන ගමන්.

Flashback End

චාන්ගේ කතාව ඉවර වෙද්දි චාන්ට අඩන්න කදුලු ඉතිරි වෙලා තිබුන් නෑ.යීබො චාන්ව බදාගෙන චාන්ගේ පිට හිමින් සැරේ අත ගගා හිටියේ චාන්ගේ දුක අහගෙන.යීබොට චාන්ගේ කදුලු තියා එයාගේ කදුලුවත් නවත්ත ගන්න පුලුවන් කමක් තිබුන් නෑ.යීබො ඇත්තටම හිතුවේ මේ ලෝකෙ එහෙම තාත්තා කෙනෙක් ඉන්න පුලුවන්ද කියලා.එයාගේ තාත්තා ඇක්සිඩන්ට් එක වෙද්දි යීබොව බේරන්න එයාගෙම පැත්ත අල්ලලා තමන්ගේ ජීවිතේ කැප කරද්දි චාන්ගේ තාත්තා පොඩි කාලේ ඉදන් චාන්ගේ ජීවිතේ විනාස කරලා තියෙන විදිය.යීබොට චාන් ගැන දැනුනේ පුදුම වේදනාවක්.හැමවෙලේම හිනා වෙලා ඉන්න චාන්ගේ හිත ඇතුලේ මෙච්චර ලොකු වේදනාවක් තියෙන්න ඇති කියලා යීබොට නිකමටවත් හිතුන් නෑ.ඒ අතින් බලද්දි චාන් එයාට වඩා හිතින් කොච්චර ශක්තිමත්ද කියලා යීබොට හිතුනා.
මොනවා උනත් දැන් හැමදේම හොද විදියට විසදිලා නිසා යීබොටත් දැනුනේ ලොකු සැනසීමක්.

𝕎𝕙𝕚𝕤𝕡𝕖𝕣𝕤 𝕠𝕗 𝕃𝕠𝕧𝕖      [Zhanyi ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ] SinhalaTahanan ng mga kuwento. Tumuklas ngayon