Chapter 19

845 273 40
                                    

තව මාසයක විතර කාලයක් සාමාන්‍ය පරිදි ගෙවිලා ගියේ යීබොත් චානුත් සතියේ දවස් වල පුරුදු විදියට කැම්පස් යද්දිත් සති අන්තේ චාන්ගේ නිවසේ යීබො පියානෝ ඉගෙන ගද්දිත් එක්කයි.මේ වෙද්දි යීබොට චාන්ගේ ගෙදර එයාගේ ගෙදර වගේ හරි හුරුපුරුදු උනා.යීබොට ගේ පුරා ඇවිදින්න මුල් දවස් වල වගේ චාන්ගේ උදව් ඔනේ උනේ නෑ.

ඔය අතරේ සෙනසුරාදා දවසක චාන් යීබොව ගන්න ආවේ ගමනක් යන් කියලා.යීබොත් ලැහැත්ති වෙලා මග බලන් හිටියේ චාන් එනකන්.යීබොටත් idea එකක් තිබුන් නෑ චාන් එයාව කොහේ එක්කන් යන්න හදනවද කියලා.යීබො අම්මාගෙන් ඇහුවත් අම්මා මුකුත් කිව්වෙත් නෑ.එයා කිව්වේ සර් එක්ක ගිහිල්ලම බලන්නකෝ කියලා විතරයි.

"චන්ගා කොහෙද යන්නේ?"
යීබො මේ අහන්නේ දහවෙනි පාරට විතර.චාන් මුකුත් කිව්වේ නෑ.පැය භාගෙක විතර ගමනකට පස්සේ චාන් රෙස්ටුරන්ට් එකක් ලගින් නතර කරා.

චාන් බැහැලා ගිහින් යීබොගේ පැත්තේ දොර ඇරියා.
"කෝ බහින්න."
චාන් හැමදාම වගේ හරී පරිස්සමට යීබොව බැස්සුවා.දෙන්නම restaurant එක ඇතුලට ගිහින් වාඩි උනා.

"බෝදී අපි හම්බෙන්න ආවේ යූබින්ගේ යාලුවෙක්ව. එයා බ්‍රසීල් ඉදන් ඇවිත් dancing academy එකක් දාගත්ත කෙනෙක්. එයා බ්‍රසීල් ඉද්දි special needs තියෙන අයට dancing උගන්නලා තියෙනවා.ඉතින් අපිට පුලුවන් උනා එයාට කතා කරලා ඔයාගේ dancing ඉගෙන ගන්න එක ආපහු continue කරන්න.එයා ඔයාට උගන්නන්න කැමති උනා."
චාන් කියද්දි යීබො චාන්ගේ පැත්තට හැරුනා.චාන්ට ඒ මූනේ හැගීම් කියවන්න අපහසු උනා.යීබො එයාගේ කලිසම තද කරලා අල්ල ගත්තා.චාන් ඕක දැකලා ටක් ගාලා යීබොගේ අතින් අල්ල ගත්තා.

"මේ අහන්න බෝදී.මන් දන්නවා ඔයා හිතන එක.බෑ කියන්න නම් එපා.ඔයාගේ අම්මත් හරියට සතුටු උනා ඒක අහලා."
චාන් බය උනේ යීබො බෑ කියයි කියලා.චාන් කලින් කියන් නැතුව එක්කන් ආවෙත් ඒකයි.

"අනේ බෝදී මන් වෙනුවෙන්වත්.අඩු ගානේ ඔයා එයා එක්ක කතා කරලාවත් බලන්නකෝ.බෑ නොකියා.ම්ම්..ම්ම්.."
චාන් යීබොගෙ අත අතගාන ගමන් එක දිගට නහයෙන් අඩන්න ගත්තේ මේ මුරණ්ඩුකාරයා සර් ආවට පස්සේ මට බෑ කියලාවත් කිව්වොත් එහෙම මෙච්චර කල් උන මහන්සියත් අපරාදෙ නිසා.ඒත් යීබො මුකුත් කිව්වේ නෑ.චාන් තව මොනා හරි කියන්න හද්දිම එයාලට කවුරු හරි කතා කරනවා ඇහුනා.

𝕎𝕙𝕚𝕤𝕡𝕖𝕣𝕤 𝕠𝕗 𝕃𝕠𝕧𝕖      [Zhanyi ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ] SinhalaWhere stories live. Discover now