Chapter 22

850 245 32
                                    

"චාන් සර්..."
චාන් ලෙක්චර් එකක් ඉවර වෙලා ස්ටාෆ් රූම් එකට එද්දි හැරිලා බැලුවේ කවුරු හරි කතා කරනවා ඇහුන නිසා.

"ආ...zanjin සර්"

"ඉතින් චාන් සර්.හුග දවසකින් නේ දැක්කේ."

"ඒකනේ.සර් පහුගිය දවස් ටිකේම කැම්පස් එනවා දැක්කේ නෑ නේ.ආවේ නැද්ද?"

"ආ ඔව් චාන්.මන් නිවාඩු ගියා.මට කොරියා යන්න උනා කම්පැනි එකේ වැඩකට."

"ආ.. ඒක තමයි.දැන් මේ ලෙක්චර් එකක් ඉවර වෙලා එන ගමන්ද?"

"නෑ මන් මේ ශුආන් හම්බෙන්න ගියා."

"ආ ශුආන් දැන් වැඩිය කැම්පස් එන් නෑ නේ."

"ඔව් එයා ඉතින් idol training කරන ගමන් නේ studies කරන්නේ.දෙකම එකට කරන්න අමාරුයි නේ."

"ම්ම් zanjin සර්ගේ ප්‍රියතම ගෝලයා ශුආන් වගේ."
චාන් කිව්වේ හිනාවෙලා.

"අපි හැමෝටම එහෙම එක්කෙනෙක් ඉන්නවා නේ ඉතින්.චාන් සර්ට යීබො වගේ තමා."

"ම්ම්... යීබොට හොද potential එකක් තියෙනවා.එයා කවද හරි හොද තැනක ඉදීවී."
චාන් කිව්වේ විශ්වාසෙන්.

"ඒක ඇත්ත චාන් සර්.හැබැයි ඒ ඉස්සර හිටපු යීබො හිටියා නම් තමයි.ඇත්තම කියනවා නම් ශුආන් ඉන්න තැන ඉන්න තිබ්බේ යීබො.චාන් සර් දන්නවනේ ශුආන් ගිය මාසේ debut උනා කියලා.යීබො ඇත්තටම ශුආන්ට වඩා දක්ෂයි.ඒත් ඉතින් අන්තිමෙට උන දේ බලන්නකෝ.ඒක යීබොගේ අවාසනාවද ශුආන්ගේ වාසනාවද මන්දා ඉතින්."

"අපිට ඉස්සරහට මොනවා වෙයිද කියන්න බෑ නේ zanjin සර්.යීබො වගේම තව ලමයි දෙතුන් දෙනෙක් ඉන්නවනේ waiting list එකේ.donor කෙනෙක් හම්බුනොත් හොද කරන්න පුලුවන්නේ.කවුද දන්නේ යීබොවත් හොද කර ගන්න පුලුවන් උනොත් ඉක්මනටම."

"ඔව් ඒක ඇත්ත.ඒත් කවද එහෙම වෙයිද දන් නෑ නේ.අනික වයස පැන්නට පස්සේ මේ ෆීල්ඩ් එකට එන එක කරන්න අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්.පව් ඉතින් මොනවා කරන්නද ඒ ලමයගේ වෙලාව තමා."
Zanjin කිව්වේ දුකින් වගේ.හැබැයි චාන්ට නම් හිතුනේ ඒක මවා ගත්ත දුකක් කියලා.

"මට ඇත්තටම යීබො ගැන දුකයි.ඒ ලමයා තමයි කලින් මගේ ප්‍රියතම ගෝලයා.චාන් සර් දන්නවනේ.එයා අපේ company එකෙන් තිබ්බ audition එකෙනුත් දින්නා කියලා."
චාන්ගේ කටට හොද ඒවා ගලන් ආවා.ඒ කියන්නේ යීබො හොදට ඉද්දි එයාගේ හොදම ගෝලයා එයා.ඒත් ඇස් පෙනීම නැති උනාට පස්සේ කුනුකූඩෙට වැටුනා.

𝕎𝕙𝕚𝕤𝕡𝕖𝕣𝕤 𝕠𝕗 𝕃𝕠𝕧𝕖      [Zhanyi ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ] SinhalaWhere stories live. Discover now