Chapter 17

871 264 58
                                    

"ශ්ශ්ශ් දැන් ඇති.කෝ ඔය අඩන එක නවත්ත ගන්න."
සීයා චාන්ගේ කදුලු පිහිදැම්මා.

"ඔයාට ඒ ගැන කලින් කිව්වේ නැත්තේ Xuanyi ගේ ප්‍රශ්නේ ඔයා විසින්ම විසදගන්න ඕනේ නිසා.ඊට කලින් ඔයා මේ ගැන දැනන් හිටියා නම් ඔයාට ඒක මේ වගේ තාත්වික විදියට විසද ගන්න වෙන් නෑ නේ."
සීයා කියද්දි නම් චාන්ට තරහයිත් එක්ක.

"යන්න සීයේ යන්න..තාත්වික කෙහෙල් මල.."

"හරි හරි දැන් තරහ ගන් නැතුව ඉන්න ඒත් ඔයාට කියන්න දෙයක් තියෙනවා."

"ඒ පාර තව මොනවද මගෙන් හැංගුවේ?"
චාන් ආපහු කෑ ගැහුවේ ඒ පාර මොන මගුලක්ද කියලා හිතා ගන්න බැරුව.

"ඔය ඉතින් මන් කිව්වනේ තරහා ගන්න එපා කියලා."

"හරි කියලා ඉන්නකෝ.කොහොමත් අදින් පස්සේ ඔය එකෙක්ගෙවත් නමක් වත් අහන්න මන් කැමති නෑ.ඒ නිසා දැන්ම හැමදේම කියලා ඉවර කරන්න."

"ම්ම්ම්...මොකක්ද දන්නවද කියන්න හැදුවේ?කුඩම්මා කිව්ව එක දෙයක් ඇත්ත.Xuanyi ඔයාට ඇත්තටම ආදරෙයි.මාත් හිතුවේ මුලින් ඒක රගපෑමක් කියලා.ඔයාට තේරෙන්න ඇතිනේ එයා මුලින් හිටියා වගේ නැතුව ටික ටික වෙනස් උන විදිය..."

"මොන කෙහෙල්.."

"පොඩ්ඩක් කට වහන් කියන දේ අහලා ඉන්නවකෝ.ගිනි පිඹින්න ගන් නැතුව."
චාන් මල පැනලා කෑ ගහද්දී සීයා ඒක නතර කරා.

"ඊට පස්සේ ඔයා කාටවත් නොකියා ගෙදරින් ගිය එක එයාට දරා ගන්න බැරි උනා.Xuanyi දන්නවා ඔයාට එයාව පෙන්නන්න බෑ කියලා.ඒත් එයා ඉවසන් හිටියේ ඔයා දෑහට පේන්න හරි හිටපු නිසා.ටික ටික ඔයාගේ හිතේ එයා ගැන තියෙන තරහා ඉවර උනහම එයා confess කරන්න හිටියද දන් නෑ.කොහොම හරි ඔයා කාටවත් නොකියා ගෙදරින් ගියාට පස්සේ ඔයාව කන්ටෑක් කර ගන්නවත් විදියක් නැති උනහම එයා පිස්සු වැටුනා.ඉතින් එක දවසක් club ගිහින් හිතේ දුක නැති වෙනකන් කියලා සිහි නැති වෙනකන් බිව්වා.ඊට පස්සේ ඉතින් club එකේ ඉන්න කොල්ලෙක් මෙයා අසිහියෙන් ඉන්න නිසා ප්‍රයෝජන අරන්."

"ඒකද එතකොට කුඩම්මා කිව්වේ එයාට එහෙම උනේ මන් නිසා කියලා.ඒක නෙවෙයි සීයේ ඔයා නොදන්න දෙයක් නැති වෙන්නේ කොහොමද අනේ?"

𝕎𝕙𝕚𝕤𝕡𝕖𝕣𝕤 𝕠𝕗 𝕃𝕠𝕧𝕖      [Zhanyi ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ] SinhalaWhere stories live. Discover now