Chapter 23

795 265 44
                                    

"හේයි!"
චාන්ට කෑ ගැස්සුනේ දොර ඇරපු ගමන් කවුරු හරි කෙනෙක් චාන්ගේ ඇගට පනිද්දි.චාන්ට කෙනා කවුද කියලාවත් බලන්න වෙලාවක් තිබුන් නෑ.

තප්පරක් යන්නත් කලින් බේබි ක්ලෝන් සුවද දැනෙද්දි ඒ කවුද කියලා චාන්ට හොයා ගන්න අමාරු උනේ නෑ.
යීබො චාන්ගේ ඇටකටු කුඩු වෙන තරම් තදින් එයාව වැලදගෙන හිටියා.

"බෝදී... ඔයා මාව බය කරා අනේ."
චාන් කිව්වේ බය උන පාර වේගයෙන් පපුව ගැහෙද්දි.

"ගගා.."
යීබො කෙදුරුවේ චාන්ගෙ උරහිසේ ඔලුව තියාගෙන.

"ම්ම්...ඇයි මේ? කියන්න ඉතින්."

"හොස්පිටල් එකෙන් කතා කරා.donor කෙනෙක් හම්බුනා කියලා."

"ඇත්තටම? වාව් බෝදී congratulations!"
චාන් යීබොව තදින් වැලද ගත්තා.

"මන් කිව්වනේ හැමදේම හොද විදියට සිද්ද වෙනවා කියලා.මට ඇත්තටම සතුටුයි."
චාන් ආපහු කිව්වේ යීබොගේ ඔලුව අත ගාන ගමන්.

"ඉතින් කවද්ද surgery එක?"

"තව සතියකින්."

"හොස්පිට්ල් ගියාද ඉතින්? test කරාද ඔයාව?මොකද කිව්වේ?"

"ඔව් අද ගියේ.tests නම් හැටහුටාමාරක් කරා.ඊට පස්සේ ඔක්කොම නෝර්මල් කිව්වා.විටමින්ස් ගන්න ඒවා දැනට නතර කරන්න කිව්වා."
යීබො කිව්වේ තාමත් චාන්ගේ උරහිසේ ඔලුව තියාගෙන.

"ඒක තමයි එහෙනම් කොල්ලා කැම්පස් ආවේ නැත්තේ.මන් ඒත් බැලුවා අසනීපයක්ද කියලා.මට කිව්වේවත් නෑ හුම්..මෙච්චර සුභ ආරංචියක් වෙලත්."
චාන් කිව්වේ complain කරනවා වගේ.

"මට ඕනේ උනා හොස්පිටල් එකෙන් කෝල් කරපු ගමන් ගගාට කියන්න.ඒත් මට බය හිතුනා.අන්තිම මොහොතේ හරි මොකක් හරි උනොත් එහෙම කියලා.ඒ නිසයි අද හොස්පිටල් ගිහින් එනකන් කිව්වේ නැත්තේ.මේ ගිහින් එන ගමන්.ගෙදරටවත් යන් නැතුව මමාට කිව්වා මාව මෙතනින් බස්සගෙන එයාට ගෙදර යන්න කියලා.ඔයාට මේ ගැන කියන්න ඕනේ නිසා."
චාන්ගේ සිරුරේ ඇලවිලා වගේ හිටපු යීබො චාන්ගෙ සිරුරෙන් මෑත් උනා.

"ගගා...සර්ජරි එකෙන් පස්සේ මට ඇස් ඇරපු ගමන් දකින්න ඕනේ ඔයාවයි මමාවයි ."
චාන්ගේ හිතට විස්තර කරන්න අමාරු හැගීමක් ආවේ යීබො කිව්ව කතාවට.
චාන් යීබොගේ ඔලුව අතගෑවා.

𝕎𝕙𝕚𝕤𝕡𝕖𝕣𝕤 𝕠𝕗 𝕃𝕠𝕧𝕖      [Zhanyi ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ] SinhalaWhere stories live. Discover now