• 20 •

497 178 31
                                    

බූසාන් ස්ටේශන් එකෙන් බැහැපු ජිමින් කැබ් එකක් දාගෙන හොස්ට්පිට්ල් එකට පිටත් උනේ තමන්ගේ සහෝදරියට මුකුත් වෙන්න එපා කියා ප්‍රාර්ථනා කරමින්..

විනාඩි තිහකට පමණ පස්සේ හොස්ට්පිට්ල් එකට පැමිණි ජිමින් ඉක්මනින්ම දොර ඇරං ඇතුලට ගියේ තුන්වෙනි මහලේ තියෙන දැඩි සත්කාර ඒකකයටයි..

"ඔන්නි,ඔයාට මුකුත් වෙන්න එපා.."

ජිමින් දෙයියන්නට වැඳ වැඳම ගියා..

දැඩි සත්කාර ඒකකය අසල ඉදගෙන ඉන්න තමන්ගේ පවුලේ අය දැක්කහම ජිමින්ගේ ඇස්වලට ඉබේම කඳුලු ඉනුවා..

"ඔප්පා,ඔන්නිට කොහොමද දැන්..?"

"ඔහ් ජිමින්,ඔයා ආවද පැටියෝ..?"

"ඔව් ජින් ඔප්පා..අපේ පුංචි පැටියා හොඳින් ඉන්නව නේද?"

ජිමින් ඇහුවෙ ටිකක් විතර බයෙන් කියලා ජින්ටත් තේරුනා..

"බයවෙන්න එපා පැටියෝ..ඔන්නිට ටිකක් අමාරු උන නිසා ඩොක්ටර් කිව්වා දැන්ම ඩිලිවරි එක කරමු කියලා..සෝ ඩොන්ඩ් වොරි..එයාල හොඳින්.."

"තෑන්ක් ගෝඩ්..මං හොඳටම බය උනා ඔප්පා..

මං කැන්ටින් එකට යනවා,ඔප්පට මොනාහරි ඕනෙද..?"

"මට මුකුත් එපා ජිමින්..ඔම්මට කොෆී එකක් අරං එන්න.."

ජිමින් කැන්ටින් එකට යනවා කියලා ජන්කුක්ට කෝල් එකක් ගත්තා..

නොකිව්වට ජිමින් දැන් ටිකක් විතර ජන්කුක් ගැන වදවෙන්න පටන් අරන් තිබ්බෙ ජිමින්ටත් හිතාගන්න බැරි වෙද්දී..

"හලෝ ගුක්.."

"මගෙ බබා පරිස්සමට ආවා නේද?"

"ඔව් පැටියෝ..ඔන්නිට ඩිලිවරි එක කරන ගමන් ඉන්නේ..මට ඉවසිල්ලක් නෑ පුංචි පැටියව මගේ අතට ගන්නකන්.."

"මාත් එන්නද ජිමින්? මට සනා නූනව බලන්න ඕනී.."

"ම්ම් අපි මෙහෙම කරමු..මන් සෝල් එන දවසට ඔයා මාව පිකප් කරන්න එන්නකෝ හරිද..?"

"ජිමින් මන් පිට්සා ඕඩර් කරා..මන් හිතන්නේ ඒක ඇවිල්ලා..අයිල් කෝල් යූ බැක් ඕකේ?.."

"ඕකේ ගුක් ගුඩ් බායී..පරිස්සමෙන් ඉන්න.."

කෝල් එක කට් කරත් මොකක්දෝ දුකක් ජිමින්ගේ හිත පුරාම පැතිරිලා ගියා..

ජිමින්වත් ට්‍රැක් එකට ගමුත?

ʙғ ᴛᴏ ɢғ ~ᴍɪɴɢɢᴜᴋ~ ✔️Where stories live. Discover now