• 27 •

473 174 18
                                    

"නූනා මන් ආවා.."

ජන්කුක් හයියෙන් කෑ ගහගෙන සනාගේ රූම් එක පැත්තට දිව්වා..

"යාහ් ජන්කුක්..බූරුවෙක් වගේ කෑගහන්න එපා..ජින්සු නිදි ඇති.."

ජිමින් ජන්කුක්ට කේන්තියෙන් කෑ ගැහුවා..

"ඔහ් මට අමතක උනා.."

ජන්කුක් තමන්ගේ බනී ස්මයිල් එක දාලා ජිමින්ට හිනා උනාම ජිමින්ගේ හිතේ තිබුන කේන්තියට වතුර හැලියක් හැලුව වගේ ඉක්මනින්ම නිවල දාන්න ඒ හිනාවට පුළුවන්  උනා..

"කවුද මගේ කොල්ලට බනින්නේ..?"

ටිකක් විතර හුරු කටහඬක් ඇහුනම ජන්කුක් ඒ පැත්ත හැරිල බලනවත් එක්කම,

"ඔහ් මයි ගෝඩ් ජින් හෙයෝන්..හුඟ කාලෙකින් නේ දැක්කේ.."

ජන්කුක් ජින්ව හග් කරන ගමන් කිව්වෙ කාලෙකට පස්සේ ජින්ව දැකපු එකට සතුටින්..

"අන්න නූනා බලන් ඉන්නවා ඔයා එනකන්.."

"කන්ග්‍රෑට්ස් හියොන්ග්..මන් යනෝ මගෙ කෙල්ලව බලන්න..ඔයාව පස්සේ අල්ලගන්නම්.."

උඩ පැන පැන පඩිපෙල දිගේ නැගගෙන යන ජන්කුක්ව දැක්කහම කියාගන්න බැරිතරම් මොකක්දෝ හැඟීමකින් ජිමින්ගෙ හිත පිරිලා ගියා..

"යාහ් මගෙ පිස්සු කෝලම..හරිම කියුට්.."

ජිමින් තමන්ටම මුමුණගත්තා...

"ජන්කුක්!! ඔන්නිව අවුස්සන්නේ එහෙම නෑ හරිද..?"

ජිමින් පහල ඉදලා ජන්කුක්ට කෑගහල වෝන් කරහම ජන්කුක් "හරි බබා" කියලා පොඩි එකෙක් වගේ ආයෙත් පඩිපෙල නැගගෙන ගියා..

හෙමින් හෙමින් සනාගේ රූම් එකට ආපු ජන්කුක් හෙමීට දොර ඇරලා ඔලුව විතරක් කාමරේ අස්සට දාලා,

"ඒයී කටුස්සි..මං ඇතුලට එන්නද?" කියලා රහසින් ඇහුවෙ හරිම හුරතල් විදිහට...

"යාහ් ඔලමොට්ටල කුකී!!..මෙහෙ එනවා.."

සනා කතා කරපුවහම ජන්කුක් ඉක්මනට කාමරේ ඇතුලට රින්ග ගත්තා..

"මෙන්න මේකී කකුලක් කඩාගෙන..හොඳ වැඩේ තමුසෙ මට කරපු දේවල්වලට.."

ජන්කුක් ඇද කර කර සනාට එහෙම කියද්දී සනාගෙන් ජන්කුක්ට ලැබුනේ තඩි කොට්ට ප්‍රහාරයක්..

"තමුසේ මාව බලන්න මගේ ගෙදරට ඇවිල්ලා මටම එක එක ඒවා කියවගෙන එනවද..?"

"ඔෆ්කෝස්.."

"අනේ මේහ් යනවා ඕයී..කෝ දැන් මට ගෙනාපු දේවල් එලියට ගන්නවා බලන්න.."

"තමුසෙට මොනා ගේන්නද? බබාටනම් බඩු වගයක් ඕඩර් කරා දැන් එනවත් ඇති.."

"ආහ් ඒකට කමක් නෑ..මං තමුන්ව අල්ලගන්න හිටියේ.."

සනා කියපු දේට හිත ඇතුලෙ චකිතයක් ඇති උනත් ජන්කුක් ඒක පිටට පෙන්නුවෙ නැහැ..

"ඇයි නූනා මොකක්හරි ප්‍රශ්නයක් ද?"

"ම්..ටිකක් ඒ වගේ.."

ʙғ ᴛᴏ ɢғ ~ᴍɪɴɢɢᴜᴋ~ ✔️Kde žijí příběhy. Začni objevovat