• 34 • 🔞

736 151 100
                                    

"මොකෝ මේ එකපාරටම හෝසොක්?"

"අනේ ජන්කුකා මට සමාවෙයන් බං..මන් එහෙම කරේ එයා මාව බ්ලැක්මේල් කරපු නිසයි බං..එයා..එයාහ් කිව්වා මාව යූනාගෙන් ඈත් කරනවා කියලා.."

කවදාවත් නැති විදිහට හෝසොක් අඬ අඬ ජන්කුක්ගේ දෙපා ඉදිරියෙ හඬා වැටුනහම ජන්කුක් කලබල උනේ නෑ කිව්වොත් බොරු..

"අඩෝ හෝසොකා නැගිටහන් බං..මොකෝ මේ..? අනික කව්ද ඔයාව යූගෙන් ඈත් කරනවා කිව්වේ..?"

"මට සමාවෙයන් බං..මං හින්දයි මේ ඔක්කොම..මං නිසයි උබ දුක් වින්ඳේ..මට සමාවෙන්න ජන්කුක්.."

ජන්කුක් හිටියේ හෝසොක් කියන කිසිදෙයක් තේරුම්ගන්න බැරුවයි කියලා හෝසොක් දැනන් හිටියේ නැහැ..

"හෝසොක් මගේ යකා අවුස්සන්නේ නැතුව මට කියනවද මොකද්ද උනේ කියලා.."

"හේසල් බං හේසල්..එයා තමයි හේතුව..එයා තමයි මේ හැමදේකටම හේතුව..එයා මට බල කලා උබව යාලු කරලා දෙන්න කියලා..ඉතින් ඉතින් මට ඒක කරන්න උනා මගෙ යූ වෙනුවෙන්..ඒත් අන්තිමේදී උබ මං හින්දා දුක් වින්ඳා බං.."

"උබ මාව හිතා මතාද හෝසොක් ඒ ගෑනිගේ ඇඟේ එල්ලුවේ..?"

ජන්කුක් ඇහුවේ හෝසොක් කරපු දේ ගැන කල කිරීමෙන්..

"මට සමාවෙයන් ජන්කුකා.."

"පලයං මෙතනින්.."

ඉවසගන්න බැරි උනු තැනම ජන්කුක් හෝසොක්ට යන්න කිව්වහම හෝසොකුත් අඬ අඬම එලියට දිව්වේ තමන් ගැනම ඇති වු අප්‍රසාදයෙන්..

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ජන්කුක් හිටියේ කේන්තියෙන්..

ඒක තමන් ගැනද නැත්තම් හෝසොක් ගැනද එහෙමත් නැත්තම් හේසල් නිසා ඇතිඋනු එකක්ද කියලා ඔහුගෙ හෘදසාක්ෂියවත් හරියට දැනන් හිටියෙ නැහැ..

තමන්ටම කියලා ටේහ්‍යුන්ග් හදලා දීලා තියෙන සාමාන්‍ය ඉඩ ප්‍රමාණයකින් යුක්ත ජිම් එකට වෙලා තමන්ගෙ කේන්තිය නිවිලා යනකන්ම ජන්කුක් පන්චින් බෑග් එකට තද පහරවල් එල්ල කරන්න ජන්කුක් පටන් ගත්තා..

"කෝච්??"

"ඔහ් වයි රයන්?"

ʙғ ᴛᴏ ɢғ ~ᴍɪɴɢɢᴜᴋ~ ✔️Where stories live. Discover now