• 28 •

487 178 29
                                    

"ඇයි නූනා මොකද්ද ප්‍රශ්නේ..?"

"ජිමින් ඔම්ම එක්ක කතා කරන්නේ නෑ එදා ඉදලා.."

එදා කියන දවස කියන්නේ මොකද්ද කියලා හරියට මතකෙට එන්නෙ නැති ජන්කුක් එදා කියන දවස මොකද්ද කියලා කල්පනා කරා..

"නූනා එදා කියලා කිව්වෙ..?"

"ඇයි අනේ අපෙ ඔම්මා ජිමින්ට ටේහ්‍යුන්ග්ව ප්‍රපෝස් කරපු දවස...ඔයා දන්නෙ නැද්ද..?"

"නැහැ නූනා..මං කිසිම දෙයක් දන්නෙ නැහැ..අඩුමතරමෙ ජිමින්වත් මට මේ ගැන කිසිදෙයක් කිව්වෙ නැහැ.."

ඒ වෙලාවෙනම් ජන්කුක්ට ජිමින් එක්ක පොඩි තරහක් ආවේ ඒ දේ තමන්ගේ හොඳම යාලුවට හන්ගපු නිසයි..

"බට් ඒක නෙවෙයි මෙතන ප්‍රශ්නෙ කුකී.."

"එහෙනම් මොකක්ද..?"

ජන්කුක් ඇහුවෙ සනාගෙ ඇඳ ගාවින් බිම ඉද ගන්න ගමන්..

"තවත් ලැජ්ජ නැතුව අපෙ අම්මා ජිමින්ට තව බෝයි කෙනෙක් හොයල.."

"මොකක්..!!"

මෙච්චර වෙලා හැමදේම දොර ගාවට වෙලා අහන් හිටපු ජිමිනුත්, ඇඳ ගාව බිම වාඩිවෙලා හිටපු ජන්කුකුත් එකටම කෑගැහුවෙ ටිකක් විතර කේන්තියෙන්..

"ඔම්මට මගේ ජීවිතේ විහිලුවක්ද ඔන්නි..?"

"බබා ඔයා හැමදේම අහන්ද හිටියේ..?"

ජන්කුක් ජිමින්ට බබා කියලා කතා කරත් සනා පුදුම උනේනම් නැහැ..මොකද එයාල හැමවෙලේම කතා කරන්නේ එහෙම කියලා සනා දැනන් හිටියා..

"දැන් ඔයාගේ ප්‍රශ්නේ ඕකද ජන්කුක්..මගේ ජීවිතේ ගැන කිසිම ප්‍රශ්නයක් නැද්ද ඔයාට..?"

කේන්තියත්,දුකත් එකට මිශ්‍ර උනු හැඟීමකින් ජිමින් කතා කරා..

"ජිමින්..බොරුවට කෑගහන්න එපා..ඔම්මා තාම මුකුත් ඔයාට කිව්වෙ නැහැනේ.."

"ඒත් ඔන්නි එයාට මාව තේරුම්ගන්න බැරිද..?"

"වැඩක් නෑ ජන්කුක් අපි මෙහෙ ඉදල තවත්..අපි යමු.."

"ජිමින් ඔහොම ඉන්න!!.."

ජිමින් සනාකුක් දෙන්නට හයියෙන් කෑගහලා පඬිපෙල දිගේ බැහැගෙන යද්දී ජන්කුක් ජිමින්ට නවතින්න කිව්වත් ජිමින් ඒ කිසිම දෙයක් කනකටවත් ගත්තෙ නැහැ..

ඒත් ජිමින් එක තැනකදි නතර උනා..

"කවුරුත් ගෙදරින් එලියට අඩියක්වත් තියන්නෙ නැහැ.."

හෙට මැත්ස් එක්සෑම් එකක්..මන් තාම ගනන් හදනව..😪😭

හෙට ටිකක් වැඩිපුර අප්ඩේට්ස් දෙන්නම්..☺️

ʙғ ᴛᴏ ɢғ ~ᴍɪɴɢɢᴜᴋ~ ✔️Where stories live. Discover now