• 25 •

487 182 17
                                    

පැයකින් විතර පාර්ක් මන්දිරයෙ මේන් ගේට් එක ගාවට ජෝන් ජන්කුක්ට තමන්ගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක එන්න පුළුවන් උනා..

"බබා දැන් නැගිටින්නකො..කවුරුහරි දැක්කොත් හරි නැහැනේ.."

ජිමින්ගෙ මුලු මූණම ජන්කුක් තමන්ගෙ අත් වලට මැදි කරගෙන කිව්වේ හරිම ආදරෙන්..

"සෝල් වලට යනකොටත් මාව මේ විදිහටම එක්කන් යනව නේද?"

ජන්කුක්ගේ තුරුලෙන් ඈත් වෙන්නෙ නැතුවම ඔහුගේ පපුවෙ තමන්ගෙ පුංචි ඇඟිලිවලින් රටා අඳින ගමන්ම ජිමින් ඇහුවා..

ජන්කුක් කවදාවත් මේ වගේ හුරතල් ජිමින් කෙනෙක්ව දැකලා තිබුනෙ නැහැ..

ඔහු එක අතකින් ගොඩක් ආඩම්බර උනා..

ඒ ජිමින්ගෙ නොදුටු පැත්තක් තමන්ට ඇයගෙන් එලියට ගන්න පුළුවන් උනු නිසා..

ජන්කුක් ජිමින්ගෙ හුරතල් පෙනුමට හිනා වෙන ගමන්ම ජිමින්ගෙ නලලත පුංචි හාදුවක් තියලා,

"හරි බබා..ඔයා ඔච්චරම ආසනම් මන් එක්කන් යන්නම්.."

"මගෙ හොඳ ගුකී.."

ජිමින් හාදු වැස්සකින් ජන්කුක්ගෙ මුහුන තෙමන්න ගත්තේ කියාගන්න බැරි තරම් ආදරේකින් කියලා ජන්කුක්ට හොඳටම තේරුනා..

ජිමින්ගෙ වැඩේ අවසන් උනාට පස්සේ ජිමින්ව තම අත් අතරට ගත්තු ජන්කුක් ජිමින්ව පරිස්සමෙන් එහා පැත්තේ පැසෙන්ජර් ශීට් එකෙන් ඉන්දෙව්වා..

"ඔක්කොම හරි නේද පැටියෝ.."

ජන්කුක් අහනවත් එක්කම ජිමින් ආයෙත් ජන්කුක්ගෙ මූනට එබුනා..

"ම්හූ..නැහෑ.."

ජිමින් හරිම සරාගී විදිහට ජන්කුක්ගෙ කන ලඟින් කෙදිරුවේ ජන්කුක්ගෙ මුලු ඇඟම සීතල කරමින්..

"ඔයාගේ මූනේ හැමතැනම ලිප්ස්ටික් බබා..ශර්ට් එකේ ඉතුරු බොත්තම් ටිකත් දාගත්තොත් පපුවෙ තියෙන ලිප්ස්ටික් පාරවල්නම් පේන එකක් නැහැ.."

ජිමින් තමන්ගේ අයි ස්මයිල් එක දාලා තමන්ට පුළුවන් උපරිමයෙන් හිනාවෙන ගමන් කිව්වා..

"ඕහ් ඒත් මට මේවා මකන්න ලෝභයිනේ බබා.."

"ඩෝන්ට් වොරි ගුක්..ගෙදර ගියාම මන් ඔයිට වැඩිය පස් ගුණයකින් විතර කිසස් දෙන්නම්..ඕකේ?"

ජිමින් එහෙම කියලා තමන් ලඟ තිබුනු වෙට් ටිශූ එකකින් ජන්කුක්ගෙ මුලු මූනම පිරිසිදු කරා..

"ෆිනිශ්ඩ්..දැන් අපි යමු.."

ජිමින්ගෙන් අවසරේ හම්බුනාම මෙච්චර වෙලා මේන් ගේට් එක ගාව හිටපු ජන්කුක් වාහනේ හෝන් එක හයියෙන් නාද කරහම සිකුරිටි කෙනෙක් ඇවිත් ඔවුන්ට ගේට් එක විවර කරා..

ʙғ ᴛᴏ ɢғ ~ᴍɪɴɢɢᴜᴋ~ ✔️Where stories live. Discover now