• 21 •

474 183 17
                                    

"ඔම්මා මේ කොෆී එක බීලා ඉන්න"

ජිමින් ගෙනාපු කොෆී එක ජින් මිසිස් පාර්ක් ගෙ අතට දෙනගමන් කිව්වා..

මිසිස් පාර්ක් ඒක අතට ගන්නවත් එක්කම,

"ඔම්මා,එයා ගාවට ගිහින් ටිකක් කතා කරන්න.."

"එයා මාත් එක්ක කතා කරයිද පුතේ..?"

"වයි නොට්..? යන්න යන්න එයා බලන් ඉන්නවා.."

මිසිස් පාර්ක් හෙමින් හෙමින් එයා ලඟට ගියා..

ඒ ජිමින්..

ජිමින් ඔම්මා එක්ක තරහවෙලා ටික කාලයක් වෙනවා..ඒ ජිමින්ගේ ඔම්මා හැමතිස්සෙම ජිමින්ට කසාඳ බඳින්න කියලා බල කරන නිසා..

ජිමින්ට හොඳටම කේන්ති ගියේ මිසිස් පාර්ක් ටේහ්‍යුන්ග්ව ජිමින්ට ප්‍රපෝස් කරපු නිසයි..

එදා ඉදලා ජිමින් පොඩ්ඩක්වත් තමන්ගෙ ඔම්මා එක්ක කතා කරේ නැහැ..

මිසිස් පාර්ක් ජිමින්ගෙ ලඟට එනවත් එක්කම නර්ස් කෙනෙක් එලියට ආපු නිසා ජිමින් ඉක්මනටම ඒ පැත්තට දිව්වෙ සනාගේ තත්වය  ගැන දැනගන්න උවමනාවක් තිබ්බ නිසයි..

"කන්ග්‍රැජුලේශන්ස් මිස්ටර්..ඔයා දැන් දුවෙක් ඉන්න අප්ප කෙනෙක්.."

"අනේ තෑන්ක්ස් මිස්..සනාට කොහොමද දැන්?"

"ඇක්සිඩන්ට් එක නිසා එයාගේ කකුලක් හොඳටම ඩැමේජ් වෙලා..තාමත් එයාට සිහිය නෑ..බට් ඩෝන්ට් වොරි..පැය කිහිපයකින් එයාට සිහිය ඒවී.."

"කන්ග්‍රෑට්ස් ඔප්පා..මට හරිම සතුටුයි..අපි ඉක්මනටම ඔන්නිවයි බබාවයි ගෙදර එක්කන් යමු.."

ජිමින් සතුටු කදුලු අතරින් ජින්ට හිනාවෙවී කිව්වා..

හැමෝම සතුටින් තමන්ගෙ පුංචි පවුලට අලුතින් සාමාජිකයෙක් එක්වුනු නිසා..

ජිමින්ට ඕනි උනා මේ ආරංචිය ජන්කුක් එක්ක බෙදාගන්න..ඒත් එයා ටිකක් ඉවසුවා..

ඔහොම ඔහොම දවස් කිහිපයක් ගෙවිලා ගියා..

ජන්කුක්ට තනියම එක්සෑම් එකත් ලියන්න උනා..එයා හිටියේ පිස්සෙක් වගේ..මොකද එයාගෙ ජිම් එයාගේ ලඟ නැති නිසා..

එක්සෑම් එක ලියලා ඉවර උනු ජන්කුක් එලියට යන්න හදනවත් එක්කම එයාට ජිමින්ගෙන් ටෙක්ස්ට් එකක් ආවේ ජන්කුක්ගේ පාලු මූනම එලිය කරමින්..

"බබා..හෙට ඔන්නිව ඩිස්චාජ් කරනවා..මාව පික් කරන්න එනවා නේද..?"

"ඔෆ්කෝස් බේබී.."

ජන්කුක් හයියෙන් කෑගගහා කොරිඩෝව දිගේ සතුටින් දිව්වේ ජිමින්ට රිප්ලයි නොකරමයි..

ටෑම්ස් 1k වෝට්ස් වලට.. (දවස් 3කින්)

උම්මාහ්..😚❤️

ʙғ ᴛᴏ ɢғ ~ᴍɪɴɢɢᴜᴋ~ ✔️Where stories live. Discover now