2 - හිතුමතේ ජීවිතයක්

1.1K 207 78
                                    

Black Eyes Season Two

දවස් ගානක් මම ඒ බෑග් එක හෙව්වා හම්බුනේ නෑ...එහෙන් ලංකාවේ පිරිමි ළමයි දෙන්නෙක් හම්බුනා අනිත් දෙන්නම Medical Faculty එකේලු...
ඒත් උන්ව දෑහට දැකගන්න තාමත් මට බැරි උනේ... ඒ මගුලේ ෆැකල්ටි එකයි අපියි අතර තියන දේශසීමා ගැටලු නිසා....
ඇත්තටම දෙපැත්ත බෙදිලා කාගෙන අපේ උන් සේරම වරප්‍රසාද අහිමි කරගෙනයි ඉන්නේ....

අදත් මම යුනී එකේ වටේම ඇවිද්දා.. ඒත් මං දැක්ක වගේ බෑග් එකත් නෑ....අර අමුතු කොල්ලත් නෑ.....අහ් ඒත් මම ඒ  කොල්ලගේ නමනම් අහගත්තා...

" හිරුජ සත්සර ලු"

ලස්සනයි ඒ නම....මම ඒ නම අහපු වෙලාවේ මගේ පපුවට අමුතුම හැඟීමක් දැනුනා... නිකන් උඩකින් පහලට වැටෙනකොට පපුවට දැනෙන අමුතුම ෆීලින් එක මට දැනෙන්න ගත්තා...
ඊට පස්සේ මට ඕනි උනේ එයාව දකින්න...
මගේ හිත පිස්සුවෙන් වගේ එයාව දකින එක මගේ ජීවිතේ හීනයක් කරගත්තා..
මටත් පිස්සු ... දන්නෙවත් නැති දැක්කෙවත් නැති නම විතරක් අහපු පලියට කෙනෙක් වෙනුවෙන් මෙහෙම පිස්සු වැටෙන්න...
මට උදේ නැඟිට්ට ගමන් වගේම මුළු දවස පුරාමත් ඒ නම මතක් උනා....
වෙලාවකට මම ඒ කෙනාව පිස්සුවෙන් වගේ හෙව්වා....
අදත් මම බලාගෙන ඉන්නේ ඒ අකීකරු කෙස් තියන ඔහේ ඇවිදගෙන යන ඒ රූපය දකින්න...
මට එයාගේ පෙනුම ගැන ආරංචි උනේ එහෙමයි.....
ඒත් අදත් මගේ බලාපොරොත්තු නැති කරලා යුනී එකේ ලෙක්චා පටන් ගන්න බෙල් එක වැදුනා....

ඒත් මගේ කකුල් මගේ ලෙක්චා හෝල් එකට යනවා වෙනුවට යුනී එකේ කෙලවරම සකුරා ගස් යාය මැද තියන වතුර මල ලඟට අරගෙන ගියේ ඉඹේටමයි........
මම වටේම පාස් කරගෙන යන මල් පඳුරු දිහා බල බලා හිත රිද්ද ගත්තා.. අනේ මංදා... මං දුකෙන් නිසා මට පිපුණු මලක් දිහා බැලුවත් ඒකෙත් ඇදයක් පෙනුනා...

කෙටි බොරළු පාර දිගේ මම හිමීට අඩිය තිය තියා ගියත් සීත සුළඟත් එක්ක සකුරා මල් පෙති ගොඩක් මගේ වටේටම වැටුණා.. තවත් පෙති ටිකක් මගේ ඔලුවට....
ඒ වෙලාවේ ම මගේ හිතේ අවුල එක පාරටම අතුරුදහන් වෙලා මගේ හිත පුරාමත් මල් පිපෙනවා වගෙයි....ඒ බොරළු පාර පහු කරාම මගේ හිතට අමුතු සැනසීමක් අරගෙන ආවා....

Black Eyes ( Season Two- BL ✔️🔚)Where stories live. Discover now