31- අරුත්බර සෙනෙහස

1.3K 192 162
                                    

Black Eyes Season Two...... මාස 8 කට පසු....

සුවිසල් වේදිකාව මත උපාධි ලෝගුවෙන් සැරසිලා උපාධි සහතිකය සමඟ අත තබාගෙන සිටි ලිලී මල් කලඹ හිරූගේ කඩවසම් බව තව තවත් ඔපමට්ටම් කලා...
වසර ගණනාවක් දුක් සෝ සුසුමන් මැද ගත කල ජීවිතයට සමුදෙමින් හිරූ අභීගේ සතුටු කදුළු පිරි දෑස් දෙස බැලුවා....
දැන් ඔවුන්ගේ දුක්බර ජීවිතය අවසන්ව ගොස් ඇත....හිරූ අභී දෙස බලා සතුටින් සිනාසෙමින් අභී වෙතට දිව ගියා... හිරූ එයාගේ අතේ තිබුණ සහතිකය අභීගේ අතට දීලා එයාගේ හැට් එකත් අභීගේ ඔලුවට දාලා අභීව තදින් තුරුළු කරගත්තා....

" මගේ වස්තුවට තමයි මේ හැමදේම අයිති... ඔයා නැති තැන මට ජීවිතයක් තිබුණේ නෑ මගේ රන්..... ඔයාගේ හිනාව මාව ජීවත් කලා... මේ හැමදේම මගේ බබාගේ... ඔයාගේ හීනය මම සැබෑ කලා වස්තූ.... !"

හිරූගේ වචනවලට අභීගේ දෑසින් කඳුළු වැගිරෙන්නට වුනා..ඇත්තටම දෙන්නා එකට උපාධි සිහිනය සැබෑ කරගන්න උත්සහ කලත් අභීට ඒක උරුම නැතුව ගියා... ඒත් එයා ඒකට දුක් උනේ නෑ...එයාට ඊටත් වඩා එයාගේ හිරූගේ ලග ඉන්න එක වැදගත් වුනා... දෙන්නම එකම හීනයක් දැක්කත්... තමන් ආදරේ කරන කෙනා එහි ජය ලැබුවත් සතුටෙහි වෙනසක් ඇත්තෙම නෑ... මොකද ආදරේ තියෙන්නේ හදවත පුරාම නිසා...

" හිරූ ඩොක්ටර්ට මං ආදරෙයි ....!"

" මාත් මගේ වයිෆිට ආදරෙයි !"

දෙන්නම ආදරෙන් සිපගනිද්දී ශක්තිමත් අතක් ඔවුන් වෙන් කලා....

" යකුනේ අපිත් මෙතන ඉන්නවා බන්... !"

නෙතුම් හිරූට පන්ච් එකක් දෙද්දී අභී හිරූව කවර් කරගත්තා.. ඒත් හිරූ අභීගේ පිටට ඒක වදින්න නොදී අත් දෙකෙන් අභීව ආවරණය කරගත්තා...

" අම්බෝ....උඹලා නම්.... !"

නෙතුම් යුගීත් දෙන්නා හිනා වෙද්දී නෙතුම් එයාගේ අතට අත දීලා හිරූට සුභ පැතුවා..
යුගීත් අත දීලා හතර දෙනා එක්කම පොටෝ ගහලා නෙතුම්ගේ ජපන් ගෙදරට ගියේ උතුරා යන සතුටු හැඟීම්වලිනි....

හතර දෙනා එක්කම රෑට සිංහල කෑම වේලක් හදන්න ගත්තා...

* චිකන් කරි එක්ක බෝංචි කිරට හදලා පපඩම් බැදලා ළූණු තෙල් දාලා සම්බා බත් හැදුවා..

Black Eyes ( Season Two- BL ✔️🔚)Where stories live. Discover now