7 - ඔයා කවුද ?

996 188 73
                                    

Black Eyes Season Two.....

" ඔ.....ඔ.....ඔ...යා...ක....වු.....ද...??"

යූ එයාගේ පිටිපස්සෙන් හිටිය කොණ්ඩය ටිකක් දිග ලස්සන ඉටි රූපයක් වගේ පිරිමි ළමයගෙන් ඇහුවා.....

" මම ඔයා..."

" අහ්..??"

යූ පරණ බස් එකක මැෂින් එකක් වගේ දඩ දඩ ගාලා ගැහෙන්න පටන් ගත්තේ එයාට ඒ කෙනා කිව්ව දේවල් තේරුණේ නැති නිසා...

" ඔයා කොහොමද මම වෙන්නේ...?? ඔයා කවුද...??"

" මම ඔයා.......ඔයා මම....!"

"අහ්.."

ඒත් එක්කම එක පාරට යූගේ මූන ඉස්සරහා මැවිලා පෙනුනු ඉටි රූපේ එයා දැක්කේ  ටික ටික ලඟට එනවා..
යූ බය වුන පාර කෑ ගහගෙන එයාගේ ඇස් තද කරගත්තා...

" අනේ............."

*******************

පහලින් ආපු ටොක් ටොක් ටොක් සද්දයක් එක්ක හිරූගේ නින්ද උදේම බිඳිලා ගියා...

" ආශ්...........මොකක්ද ඒ මල වදකාර සද්දේ...."

හිරූ එයාගේ කොට්ටේ කන් දෙකට තද  කරගෙන ආපහු නිදාගන්න ට්‍රයි කරා....
ඒත් ආපහු සැරෙන් සැරේ ඒ සද්දේ වැඩි උනා මිසක් අඩුවක් උනේ නෑ....

" මොන හු@# ද මංදා.  නිදාගන්නත් නෑ.... !"

හිරූ ඇදගෙන හිටියේ චූටිම චූටි යට කලිසමක් විතරයි....
එයා ගියේ සද්දය එන තැනට..  ඒ කුස්සියෙන් කියලා දැනුනු තැන හිරූ දුවගෙන ඒ පැත්තට ගියා.....
ඒත් ඇස් ඉස්සරහා දැක්ක දේත් එක්ක හිරූ කට ඇරගත්තත් පුදුමයටත් කෝපයටත් පත් වුනා.. 

" තමුසෙ.........තමුසේ මොකක්ද මෙතන කරන්නේ..........????"

හිරූ ගේ දෙදරන්න කෑ ගැහුවත් යූගේ ඇස් නැවතිලා තිබ්බේ නම් වෙනත්ම තැනකයි....
පපුව පුරා පිරිලා තියන මවිල් ගස් අස්සෙන් පේන අභීගේ රූපය තිබ්බ ටැටූ  යූගේ ඇස් අතරමං වුනා ..
ඒත්  හිරූගේ ඇග පුරාම තිබුණේ අභිරු කියන නම..
තවත් තැනක රන් බබා.... ඒ නම්  කොටලා තිබ්බේ  ටැටූ එකක් විදියට නෙවෙයි..ඒවා මොකක් හරි එකකින් ගැඹුරට කපාගත්ත පාරවල්..

යූ කර කර හිටපු වැඩය දාලා හිරූ ලගට දුවගෙන ආවේ හිරූගේ කෑගැහිලි සත පහකට මායිම් නොකරයි.....
හිරූගේ පපුව ලඟම ඇස් අලවගෙන වගේ ආපු යූ එයාගේ සිනිදු අත අරගෙන පපුව පුරා තියන තුවාල කැලැල්වල එයාගේ අත ගෙනිච්චා...
පපුවේ මවිල් අස්සෙන් ගැඹුරට හෑරිලා තියන ඒ අභී කියන නම උඩ යූ එයාගේ ඇඟිලි ගෙනිච්චේ ඇස් දෙකෙන් ගලාගෙන යන කඳුළුවලට ඔහේ යන්නට ඉඩ දෙමින්....

Black Eyes ( Season Two- BL ✔️🔚)Where stories live. Discover now